මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ රූගත කිරීම් අවසන් කළ 'උත්තරීතර මාතෘත්වයේ ප්රතිමූර්තිය - ගෞතම බුද්ධ මාතා' චිත්රපටය දෙසැම්බර් 10 සිට දිවයින පුරා සිනමාහල්වල ප්රදර්ශනය ඇරඹීමට නියමිතය.
එහි පළමු පෝස්ටරය පසුගියදා (09) නිකුත් කෙරුණු අතර චිත්රපටය නුදුරේම සිනමා ශාලා වෙත එන බවට ඉඟියක් එම පෝස්ටරයෙන් ලැබිණි.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 26 වැනි සිනමා නිර්මාණය වන 'ගෞතම බුද්ධ මාතා' චිත්රපටයේ නිෂ්පාදන දායකත්වය තිලංග සුමතිපාලගෙනි.