2024 වසරේ ස්වර්ණ පුස්තක සහ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළවල අවසන් වටයට නිර්දේශ වූ විරාජිනී තෙන්නකෝන් විසින් රචනා කරන ලද 'කැමේලියා' නවකතාව පිළිබඳව පැවති සාහිත්‍ය කථිකාවත ඊයේ (17) සාර්ථකව අවසන් කෙරිණි.
මාතර සරසවි පොත්හලේදී පවත්වන ලද කථිකාව අර්ථවත් ලෙස අවසන් වූ බව පෙන්වා දෙමින් වැඩසටහන සැලසුම් කළ ONE CLICK events ආයතනය ඡායාරූප ගණනාවක් පළ කර තිබිණි.
තීර්ථ - Cult Of Infinity විසින් සංවිධානය කරන ලද සාහිත්‍ය කථිකාව මාතර සරසවි පොත්හලේ අනුග්‍රාහකත්වය ඇතිව පැවැත්විණි.
ඡායා: සෙනෙරු රණසිංහ