"ගීතයක් අත්දැකීමකට වඩා ජිවිතයක දුක හෝ සතුටු කතාවක්...." මෙසේ පවසන්නේ දෙරණ 'ඩ්‍රීම් ස්ටාර්' 11 වැනි වැඩසටහනේ දෙවැනි ජයග්‍රාහිකාව වූ අපූර්වා ආශාවරීය.
Mirror Arts යූටියුබ් නාලිකාවේ සෑම බදාදාවකම විකාශය කෙරෙන Mirror Mirror වැඩසටහනට දිනිත ජයරත්න සමග සංවාදයට සහභාගි වෙමින් ඇය මේ බව පැවසුවාය.
එහිදී අපූර්වා සිය පෙම්වතා වන සංජය මුරමුදලිව හඳුනා ගත් සමයේදී ඔහුගේ දුරකථන අංකය අවහිර කළ බව කියන අපූර්වාට බොහෝ දෙනෙකු දෝෂාරෝපණය කරනු දක්නට ලැබිණි.
අපූර්වා සංවාදයේදී සිය ප්‍රේමය පටන්ගත් තැනේ සිට තොරතුරු කිහිපයක් රසිකයින්ට දැනගැනීමට වැඩසටහන් පූරක සමග බෙදා ගන්නේ සාමාන්‍යයෙන් කලාකරුවන් මෙන්ම විශේෂයෙන් කලා පෙම් යුවල පිළිබඳව දැනගැනීමට උනන්දු වීම හේතුවෙනි. අපූර්වාගෙන් පූරකවරයාද ප්‍රේමය ගැන විමසන්නේ එහෙයිනි. කෙසේ නමුත්, මෙම පැනය අපූර්වාට ඇතැමුන් සමාජ ජාලවල බැණ වදින තත්ත්වයට පැමිණ ඇත.
"ප්‍රේමයේ දැහැනෙන් මිදිලා හදවතින් වැලඳගෙන ඉන්න මිනිස්සු ඉන්නවානේ. හදවතින් වැළඳගැනීමත් ප්‍රේමයක්. මතකයන් එක්ක විතරක් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ගීතයක් කියන්නෙම මිනිස්සුන්ගේ හැගීමක්. හැමෝටම හදවතට දැනෙන්න සිංදු කියන්න බෑ. ඩ්‍රීම් ස්ටාර් ගිය අපි නෙවෙයි එළියට ආවේ. ඩ්‍රීම් ස්ටාර් 'ඇප්ලයි' කරේ අම්මාට හොරෙන්. උසස් පෙළ විභාගය උදේ ලියලා හවස 'ඔඩිශන්' ගියේ. තමන්ට තමන් නැතිවෙනවා කියන හැඟීම කාටවත් දැනෙන්න හොඳ නෑ. ගැහැනියෙකුගේ ආයුධය කඳුළු"
ඇය එහිදී පවසන්නීය. සංවාදය පහතින්,