lan englan tam

පුවත්

'ගුරු ගීතය' තිරගතවීම දෙසැම්බර් 12 වැනිදා සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කසකස්ථානයේ යුරෝෂියා සහ මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනයට අවස්ථාව ලැබූ උපාලි ගම්ලත් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ගුරු ගීතය' චිත්‍රපටය එළඹෙන දෙසැම්බර් 12 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීම් ඇරඹීමට නියමිත බව අධ්‍යක්ෂවරයා විසින් දැනුම් දෙනු ලැබිණි.

පසුගිය ඔක්තෝබරයේදී තිරගතවීම් ඇරඹීමට නියමිතව තිබූ චිත්‍රපටය ඒ අනුව රූගත කිරීම් ආරම්භයේ සිටීම නැරඹීම අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු කරන්නක් බවට පත් වී තිබේ.
අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමාපටය වන ගුරු ගීතය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.
ලෝක ප්‍රකට රුසියානු ගත් ගතුවර චිංගීස් අයිත්මාතව් විසින් විරචිත 'ගුරු ගීතය' නවකතාව ඇසුරින් චිත්‍රපටය නිමැවී ඇත.
රොෂාන් රවීන්ද්‍ර මෙහි ප්‍රධාන චරිතය වන දුයිෂෙන් ගුරුවරයාගේ චරිතය රඟපාන අතර දමයන්ති ෆොන්සේකා, හයිසින්ත් විජේරත්න, ලංකා බණ්ඩාරනායක, ගාමිණී හෙට්ටිආරච්චි, කල්පනි ජයසිංහ අල්තීනායි ඇතුළු අනෙකුත් චරිත සඳහා රංගනයෙන් දායක වෙති.
චිත්‍රපටයේ රූගතකිරීම් නේපාලයේදී සිදු කරනු ලැබ තිබේ.

Back to top
Go to bottom