lan englan tam

පුවත්

බොහෝ ජීවිත වෙනස් කළ මාසය ගැන; 'ඉල්මහට අරුතක්' ගීතය එළිදැක්වීම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලංකාවේ බහුතරයක හදවත් වෙනස් කළ මාසයක් බව ඉල් මස හැඳින්විය හැකිය. එකී ඉල් මාසය අර්ථය තවදුරටත් කුළු ගැන්වෙන නිර්මාණයක් ලෙස නිමැවුණු මහාචාර්ය අතුල සුමතිපාලයන්ගේ 'ඉල්මහට අරුතක්' ගීතය සහ රූප රචනාව ජනගත කිරීම පසුගිය නොවැම්බර් 29 වැනි සිකුරාදා සවස කොළඹ 07, බෞද්ධාලෝක මාවත පිහිටි ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම කේන්ද්‍රයේදී සිදු විය.

1989න් පසුව එළඹි ඉල් මහේ සැබෑ අර්ථය යටපත් කිරීමට විවිධ කටයුතු කෙරුණද එය සෑම විටම සිහිපත් කරමින් ඒ බව ජනතාවට කුළු ගැන්වීමට කටයුතු කළ අය පිළිබඳව එහිදී සිහිපත් කෙරුණු අතර වැඩසටහන් පූරකවරයා බෙහෙවින් හැඟුම්බර ලෙස පැවසුවේ
"මෙහි මගෙ වයසෙ, මට වඩා බාල, ඉල්මහට පසුව ඉපදුණු අය ඉන්නවා. මේ සංවාදය ආරම්භ කිරීමට මම එක දෙයක් කියන්නම්. කාලයක් තිබුණා අපි ස්කෝලේ ඇරිලා ගෙදර එනකොට බර වාහනයක හඬක් අපිට පිටිපස්සෙන් ඇහුණොත් අපි තැති ගත්ත. ඒ වාහනය අප පහු කරද්දී එය බස් රථයක් හෝ බඩු ප්‍රවාහනය කරන ලොරියක් වුණොත් අර නැවතුණු පපුව ආයෙ වැඩ කරන්න ගත්තා. සමහරවිට අපිත් එක්ක සිටි සොයුරු සොයුරියන් මීට වඩා බර වාහන පසු කළා. ඔවුන් ආයේ ගෙදර ආවේ නෑ." යනුවෙනි.
මහාචාර්ය අතුල සුමතිපාලයන් විසින් රචිත, විශාරද මාලනී බුලත්සිංහලයන් විසින් ගායනා කරන ලද, නිමල් ගුණසේකරයන්ගේ ගී තනුවෙන් සහ සංගීතයෙන් සහ රසික හපුආරච්චිගේ රූප රචනයෙන් හැඩ වූ 'ඉල්මහට අරුතක්' ගීතය ජනගත කිරීමේ අවස්ථාවට විද්වතුන්, කලාකරුවන් මෙන්ම 87-89 ජීවමාන සාක්ෂිකරුවෝ බොහෝමයක් සහභාගී වූහ.

Back to top
Go to bottom