lan englan tam

පුවත්

මේ මොන මලයාලම් අපභ්‍රංසයක්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එයා අරයා වගේද? අරයා එයා වගේද?
මේ මොන අප්‍රබංසයක් ද කියලා කියවන අය බලයි. මේ චිත්‍රපටයත් ඒ වගේ තමා. පෙට්ටගමේ දාලා හංගන්න බැරිවුන වැරැද්දක් ගැනයි මේ චිත්‍රපටය

Bharathanatyam (2024)
6.7/10 . IMDb
3/5 . Times of India
Bharathanatyam කිව්වට අර නර්තන ක්‍රමය එහෙම නෙවේ. මේ කතාවේ ගෙදර ගෘහ මූලිකයාගේ නම Bharathan Nair (Saikumar). එයාගේ වීර වික්‍රමයන් ගැන කතාව දිගහැරෙන්නේ. මෙයාට ළමයි හතරක් ඉන්නවා. පුතාලා දෙන්නයි දුවලා දෙන්නයි. ලොකු පුතා Sasidharan Nair (Saiju Kurup). එයාව නම් මලයාලම් රසිකයන්ට ආගන්තුක නෑ.
ඉතින් අපේ Bharathan මහත්තයා ඒ ගමේ හොඳ නමක් තියාගෙන ඉන්නේ. ඒක ඉතින් කිසිම වැරැද්දක් නැති ඇල්වතුරත් නිවලා බොන ජාතියේ එකක්. දවසක් මේ Bharathan මහත්තයා අසනීප වෙනවා. ඉතින් ඊටපස්සේ මොකෝ වෙන්නේ?
Krishnadas Muraliගේ කුළුදුල් අධ්‍යක්ෂණය වන මෙම චිත්‍රපටයේ කිසිම ආධුනික ගතියක් මම දැක්කේ නෑ. මෙහි නිෂ්පාදනයෙන් අපේ ප්‍රධාන නළු Sajiuත් දායක වෙලා තියෙනවා.
ඔයාලම බලන්න. මේක සිනහා සාගරයක්. ඒ අතරේ ජීවිතේට ගන්න ඕනේ පොඩි ආදර්ශ ටිකකුත් නැතුවම නෙවේ. සංවේදි පැත්තකුත් ස්පර්ශ කරලා හදලා තියෙන comedy ශානරයේ මේ සිනමා රූ පෙළ නොබලා ඉන්නනම් එපා.
ආහ් තව එකක් ‘ගම අවුලඤ්ඤං ගිනි ගෙඩි දෙඤ්ඤං’ පිරිමි ස්වරූපයෙන් ඉන්නවා.
ලොකු ප්‍රතිරූප හදන් කිසි වැරැද්දක් නෑ වගේ ඉන්න චරිත ඉන්නවා නේද? ඒ එයාලගේ ඇත්ත ස්වරූපය නෙවේ. මවාගත්ත එකක්.
ඔයාගේ මූඩ් අප්සෙට් නම් ෆික්ස් කරගන්න බලන්න පුළුවන් සිනා මල් ගොඩක්. මේ මලයාලම් මැජික් එකේ අඩු වැඩි විදියට ඔයාලත් ඉන්න පුළුවන් ඉතින්.

ලක්මාලි වීරසූරිය - The cinema People

Back to top
Go to bottom