හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක ජේම්ස් ගන්ගේ ඉදිරියේදී තිරගත වීමට ඇති චිත්‍රපටය වන සුපර්මෑන්හි පූර්ව ප්‍රචාරකපටය පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කළ අතර එය විකාශය වූ පළමු දිනයේම යූටියුබ්හි මිලියන 250කට අධික නැරඹුම් සමඟ ඉතිහාසයේ වඩාත්ම නරඹන ලද සහ වැඩිපුරම කතා කළ ට්‍රේලරය ලෙස ඉස්මතු වීම විශේෂත්වයක් විය.
සුපර්මෑන් ට්‍රේලරය අන්තර්ජාලයේ කුණාටුවක් හමා ගියා සේ විය.
එය නිකුත් වූ විගස වීඩියෝව යූ ටියුබ්හි පළමු ස්ථානයට පත් විය. මිනිත්තු දෙකක තත්පර 19ක් දිගපළමු ටීසරය සුපර්මෑන් රසිකයින්ට බලාපොරොත්තු ඇති කරවන්නට සමත්වනවාට කිසිදු සැකයක් නැත.
මිලියන ගණනක් වූූ සිනමා රසිකයින්ට චිත්‍රපට කණ්ඩායම ස්තුති කර තිබින. සුපර්මෑන් එලැඹෙන 2025නව වසරේ ජූලි මාසයේ 11 දින ලොව වටා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.