පළමුව කසුන් මහේන්ද්‍ර හීනටිගල මතතාට හිරිහැර වන ලෙස පොලිස් මර්දනය එල්ල කළ නිලධාරීන්ට එරෙහිව (සිදුවීම නිශ්චිතව පරික්ෂා කර) නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඔහුට යුක්තිය ඉටු කළ යුතුය.
දෙවනුව කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා කාලයක් තිස්සේ ප්‍රදර්ශනය කරමින් තිබෙන බරපතල හීනමාන අනන්‍යතා ප්‍රශ්නයෙන් ගැලවීමට ඔහුගේ හිතවතුන් පුද්ගලිකව ඔහුට උදව් පදව් කළ යුතුය. මානසික ප්‍රතිකාර ලබා දීම වුවද සහයකි.
තෙවනුව රෂෝමන් චිත්‍රපටියේ මෙන් ජැක්සන් ඇන්තනී මහතාගේ මළගිය ප්‍රාණකාරයා කැදවා කසුන් මහේන්ද්‍ර මහතාට අමු කුණුහරුපයෙන් ඇමතිය යුතුය.
ඒ අපට මොන මතවාදී-දේශපාලන ප්‍රශ්න තිබුණද ලාංකේය කලා ක්ෂේත්රයේ සිරාවටම පොරක් වන ජැක්සන් ඇන්තනී මහතාව ඔහුගේ මෙම බෑනා විසින් කිච පජාත කරමින්, තුට්ටු දෙකට විකුණමින්, යළි යළිත් මරා දමමින් ඇති නිසාය.
විදර්ශන කන්නන්ගර ෆේස්බුක් සටහනකි