lan englan tam

පුවත්

Suzuki අංක 01 කළ නියමුවා Suzuki සමුගනී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෝටර් රථ වෙළඳපොලේ ජපාන මෝටර් රථ නිෂ්පාදක සන්නාමය බවට පත් වූ Suzuki Motor Corp නියමුවා වූ ඔසාමු සුසුකි දෙසැම්බර් 25 වැනිදා අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 94 වන වියේ පසු වූ අතර ඔහු වසර 40කට වැඩි කාලයක් සිය සමාගමට නායකත්වය දුන්නේය.
1978 සිට 2021 ජුනි මාසය දක්වා වයස අවුරුදු 91ක් වනතුරුත් සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී වැනි විවිධ භූමිකාවන් දරමින් කටයුතු කළ ඔහු සිය ආරම්භය නිහතමානී ලෙස සලකුණු කළ අයකු වේ.
ටෝකියෝහි චුඕ විශ්ව විද්‍යාලයේ නීතිය හදාරන අතරතුර පාසැල් ගුරුවරයෙකු සහ රාත්‍රී ආරක්ෂකයෙකු ලෙස සේවය කළ ඔහු 1953දී උපාධිය ලැබීමෙන් පසුව Suzuki පවුලේ ව්‍යාපාරයට පිවිසියේය. ඔහු විවාහයට පෙර බැංකුවක සේවය කළ අයෙකි.
බොහෝ ජපන් මෝටර් රථ නිෂ්පාදකයින් එක්සත් ජනපදය සහ චීන වෙළඳපොළට ඇතුළු වීම කෙරෙහි අවධානය යොමු කළද ජපානයේ කුඩා වාහන ඉන්දියාව, අග්නිදිග ආසියාව සහ හංගේරියාව වැනි නැගී එන වෙළඳපොළ ඇති රටවල් සඳහා නිෂ්පාදනය යොමු කළ අයෙකි. දැරිය හැකි මිලකට, කුඩා වාහන කෙරෙහි ඔහුගේ අවධානය යොමු කරමින් ඉන්දියානු වෙළෙඳපොළ තුළ නායකත්වය තහවුරු කළ Suzuki වර්තමානයේද අංක එකේ පවතී.

Back to top
Go to bottom

Popular News