දිනමිණ පුවත්පතේ පළ කෙරෙන y වාරණ අතිරේකය වෙනුවෙන් එහි සංස්කාරක නිර්මාණාත්මක ලියවිලි, සටහන්, ලේඛන ඉල්ලා සිටී.
'දිනමිණ' වත්මන් ප්රධාන කතුවර ප්රදීප් දසනායකගේ ආගමනයත් සමග නව ලේඛකයින් සඳහා අතිරේකමය ඉඩක් ලබා දීම බලාපොරොත්තු විය හැක්කේ ඔහු මීට පෙර සේවය කළ ලංකාදීප පුවත්පතේ 'පන්නරය' පිටුව හේතුවෙනි.
වර්තමනායේ ලේඛන කලාවේ අඩුවැඩි වශයෙන් නියැලෙන සැලකිය යුතු පිරිසක් සිය තරුණ, යෞවන සහ පාසල් අවධියේදී පන්නරයට ලියූ ඇයෝ වෙති. දිනමිණ පිළිබඳව එහි සංස්කාරක මෙසේ සටහන් කර තිබිණි.
මේ වෙනකොට ලෝකේ කොහේ බැලුවත් සමස්තයක් විදියට බහුතරයක් තැන්වලදී අපිට දකින්න තියෙන්නේ fake ජීවිත. ඒ විතරක් නෙවෙයි ඒ ගොඩක් දේවල් frame වෙලා අවසන්. අන්න එතකොට තමයි ගොඩක් දෙනෙක් game ගහන්න හදන්නේ. හැබැයි ඒ ගහන game ගොඩක් තම තමන්ගේ වාසියට මිසක් හැමදෙනා වෙනුවෙන්ම නෙවෙයි. ඉතින් අපි frame නොවුණු fake life වලින් මිදිලා අලුත් ජීවිතවලට අඩිය තියන්න කාලය ඇවිල්ල තියෙන්නේ. අන්න ඒක නිසා හිතට එන දේවල් හිතේම ලියල තියාගන්නේ නැතුව අද ඉඳන් පටන්ගන්න යෞවනයේ y වාරණ පිටුවට ලියල එක්වෙන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. මේ පිටුව යෞවනයට වුණත් අවුරුදු 16 ගතින් තරුණ පරම්පරාවටත් අවුරුදු 80වේ අදහස්වලින් තරුණ පරම්පරාවටත් මේ පිටුව විවෘතයි. ඉතින් ඔබේ ලිපි, නිර්මාණ පහත ලිපිනයට යොමු කරන්න.
සංස්කාරක – දිනමිණ, yවාරණ
අංක 35, ඩී.ආර්. විජයවර්ධන මාවත, ලේක්හවුස් කොළඹ