lan englan tam

පුවත්

සුගත් ශාන්ත මොරගහකුඹුරගේ 'අකුරු හකුරු' අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධ්‍යවේදියකු වුවද නාට්‍ය වේදිකාව අත්නොහැර දිගු ගමනක් යමින් සිටින සුගත් ශාන්ත මොරගහකුඹුරගේ 'අකුරු හකුරු' ළමා නාට්‍යය අද (11) සවස 3.30ට සහ 6.30ට කිරිබත්ගොඩ YMBAහිදී රඟදැක්වීමට නියමිතය.

විලංගුව, ධර්මිෂ්ඨලා, හිත හොඳ මිනිස්සු, සම්මානනීය අරුන්දතී මං මනමාලයි යනාදී වේදිකා නාට්‍ය සමගින් ප්‍රේක්ෂකයින් හමුවට ආ ඔහුගේ පළමු ළමා නාට්‍යය වන්නේ 'හකුරු අකුරු'ය.
සුරංගනා කතා, ජාතක පොතෙන් ඔබ්බට නූතනයේ ළමුන් පිනවීමට භාවිත වන කතාන්දර සම්බන්ධයෙන් සිය පර්යේෂණාත්මක කාලය යෙදවීමෙන් අනතුරුව සුගත් විසින් මෙම නාට්‍යය නිර්මාණය කරනු ලැබ තිබේ.
ගම්බද පරිසරය වටා ගෙතෙන නගරයටත් අදාළ වන කතා තේමව තුළ හොඳ මාමා, සුන්දර මාමා වැනි චරිත කෙරෙන් යහපත් පෞරුෂයක් ගොඩනැගීම නාට්‍යකරුගේ අපේක්ෂාවයි.
නාට්‍ය නිෂ්පාදනය සඳහා ජීවනී මීගොඩ සම්බන්ධ වී ඇති අතර චින්තක පතිරණ, නදීකා අලහකෝන්, ජීවනී මීගොඩ, රිතුකි නිම්හාරා, සඳලි වික්‍රමසිංහ, බිනුලි පුන්සිසි, කිසඳු ඩයස් ආදීහු රංගනයෙන් එක් වෙති.
වේදිකා පරිපාලනයෙන් ඒ.එච්. සුනිල්, විදුලි ආලෝකකරණයෙන් ජිනදාස හීන්ගොඩ, ගී තනු සහ සංගීත අධ්‍යක්ෂණයෙන් සමීර සුබසිංහ, ගීත රචනයෙන් සුනිලා විජේසිංහ, ශ්‍රීමා විතානගේ, රිෂ්මිනා සමීන් යනාදීහු සම්බන්ධ වෙති.

Back to top
Go to bottom