යාපනයේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානය 'තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය' ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.
හින්දු ආගමිකයින් බෙහෙවින් ඇදහීමට සහ අගය කිරීමට කටයුතු කරන ශ්‍රේෂ්ඨ තිරුක්කුරල්හි රචකයා සහ ජනප්‍රිය ඉන්දීය දෙමළ කවියකු වූ මෙන්ම දාර්ශනිකයකුද වන තිරුවල්ලුවර් වෙත උපහාරයක් ලෙස මෙම නම් කිරීම සිදු කිරීමට කටයුතු කර තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියන 12ක ඉන්දීය ප්‍රදාන යටතේ ඉදි කරන ලද මෙම සංස්කෘතික මධ්‍යස්ථානය උතුරු පළාතේ සම්ප්රදාය, කලාව සහ අභිලාෂ සුරැකීම පිණිස කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති හිනිඳුම සුනිල් සෙනෙවි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මෙම කටයුත්ත සිදු විය.
මහල් දෙකක් පුරා පැතිරුණු කෞතුකාගාරයක්, ප්‍රේක්ෂකයන් 600කට වැඩි පිරිසකට අසුන්ගත හැකි රංග පීඨ ශ්‍රවණාගාරයක්, එකළොස් මහල් ඉගෙනුම් කුළුණක් සහ එළිමහන් රංග පීඨයක් ලෙසද භාවිත කළ හැකි පොදු මහජන චතුරස්‍රයක් යනාදී පහසුකම්වලින් මෙම ඉදිකිරීම සමන්විත වේ.