වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන සිනමා සහ ටෙලිනාට්‍ය අධ්යක්ෂ ජගත් මනුවර්ණගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය 'රහස් කියන කඳු' ධකා ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේදී සම්මානයට පාත්රව වසරක් සපිරී තිබේ.
'රහස් කියන කඳු' චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්යක්ෂ සම්මානය ජගත් මනුවර්ණ විසින් එම සම්මාන උලෙළේදී දිනා ගැණිනි.
2023 වසරේ නොවැම්බර් 17 වැනිදා සිනමාශාලා ප්‍රදර්ශනය පසුගිය ආරම්භ කළ 'රහස් කියන කඳු' සම්මානය දිනූ සැණින් අධ්යක්ෂවරයා එය සිය මිතුරන් සහ ප්‍රේක්ෂකයින් සමග බෙදාගත්තේය.
බංග්ලාදේශයේ ධකා අගනුවර ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී ජනවාරි 20 සිට 28 දක්වා පැවැත්වුණ සම්මාන උලෙළ පැවැත්විණි.
සම්මාන උලෙළේ ජූරි සභිකයින් හැටියට ශර්මිලා තාගෝර්, ඈන් ශැලශිනා, සාමියා සමාන්, ටොම් වොලර් නම් තායිලන්ත ජාතික සිනමාකරු, චීන සිනමාකරු ෂී චුආන් යනාදීහු සහභාගි වූහ.
සම්මාන උලෙළේ ආසියානු තරඟ නියෝජනය සඳහා ජගත් මෙම සම්මානය දිනාගත්තේය.
'රහස් කියන කඳු' ශ්‍රී ලංකාව තුළද බෙහෙවින් විවාදාපන්න මෙන්ම ඇගයුමකට ලක්වූ සිනමාපටයක් වේ.