lan englan tam

පුවත්

ජාත්‍යන්තර රස විඳීමෙන් අපි මීට වඩා ඉදිරියට ආ යුතුයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ලෝකය පුරා කෑගහල, ඔල්වරසන් දෙන ප්‍රේක්ෂකාගාරයක් ඔහු වටා තියෙද්දිත් රු. 25,000 ටිකට් අරන් ආපු අපේ ප්‍රේක්ෂකයෝ බිරාන්ත වෙලා වගේ එදා ඔහු දිහා බලන් ඉඳලා. ශාන් අපේ ඕඩියන්ස් එකෙන් අහලත් තියෙනවා ඇයි ඔයාල එන්ජෝයි කරන්නෙ නැත්තේ කියලා. ඊට දවස් දෙකකට පස්සේ තිබුණු කුමාර් සානුගෙ ප්‍රසංගයේදීත් ඔහු අහල තියෙනවා, ඇයි ඔයාල හිනාවෙන්නෙ නැත්තේ, එන්ජෝයි කරන්නේ නැත්තේ කියලා."

මෙසේ පවසන්නේ පසුගියදා ජනප්‍රිය ඉන්දීය ගායක ශාන් සමග පැවැති ප්‍රසංගයට සහභාගි වූ ශ්‍රී ලාංකික ගායක සංඛ දිනෙත් වේ.
සංඛ මෙහිදී පවසන්නේ ශ්‍රී ලාංකිකයින් කලා රස වින්දනය සඳහා කෙතරම් වියදමක් කිරීමට හැකියාව තිබුණද නිර්මාණ රස විඳීමේදී එහි රසය, උත්කර්ෂය පෙන්වීමට පසුබසින බවය.

'සිළුමිණ රසඳුන' අතිරේකයේ නාමලී ගමගේ සමග කළ සාකච්ඡාවකදී සංඛ මේ බව පවසා තිබිණි.
"අවුරුදු විස්සක තිහක වෙලේ ඉඳන්ම ජාත්‍යන්තර ජාත්‍යන්තර කියලා ගොඩක් දෙනෙක් කෑගැහුවට ජාත්‍යන්තර කියලා වෙනම එකක් නැහැ. අපි මේ ඉන්නෙත් ජාත්‍යන්තරයේ තමයි. අපි හැමදාම කතා කළේ අපේ පැටිකිරිය ගැන විතරයිනේ. නමුත් මං හිතන්නේ ජාත්‍යන්තර සබඳතාවලදී අපිට හදාගත යුතු තැන් ගොඩක් තියෙනවා. ඒක ගොඩක් ඉස්මතු වෙන්නේ මේ වගේ අවස්ථාවලදී. ශාන් කියන්නේ නිතරම ජාත්‍යන්තරය එක්ක ගැටෙන කලාකරුවෙක්. ලෝකය පුරා කෑගහල, ඔල්වරසන් දෙන ප්‍රේක්ෂකාගාරයක් ඔහු වටා තියෙද්දිත් රු. 25,000 ටිකට් අරන් ආපු අපේ ප්‍රේක්ෂකයෝ බිරාන්ත වෙලා වගේ එදා ඔහු දිහා බලන් ඉඳලා. ශාන් අපේ ඕඩියන්ස් එකෙන් අහලත් තියෙනවා ඇයි ඔයාල එන්ජෝයි කරන්නෙ නැත්තේ කියලා. ඊට දවස් දෙකකට පස්සේ තිබුණු කුමාර් සානුගෙ ප්‍රසංගයේදීත් ඔහු අහල තියෙනවා, ඇයි ඔයාල හිනාවෙන්නෙ නැත්තේ, එන්ජෝයි කරන්නේ නැත්තේ කියලා. ඇත්තටම අපි ජාත්‍යන්තරට යන්න හිතනවා නම් ඔවුන් හා මුහුවෙන්න හිතනවා නම් මේ තත්ත්වයෙන් මිදෙන්න ඕන. ඇත්තටම අපේ මිනිස්සුන්ට ඕනකම තිබුණත් දෙයක් නිදහසේ විඳින්න තාමත් බයයි කියන එක තමයි මට දැනෙන්නේ. ඒක ශාන්ටත් එදා දැනිලා තිබුණා."
සංඛ පවසා තිබිණි.

Back to top
Go to bottom