lan englan tam

පුවත්

මව් රටට කීර්තිය ගෙනා ලාංකික විවාහක රූ රැජන; අමන්දා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක විවාහක රූ රැජන තරඟාවලියේදී ශ්‍රී ලාංකික විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳි ඉශාදි අමන්දා එම තරඟාවලියේ (2025) දෙවැනි ස්ථානය ලබමින් සිය මව් රටට අද (31) දිනයේ කීර්තියක් ලබා දීමට සමත් වුණාය.

ශ්‍රී ලාංකික රූ රැජන තරඟාවලියක 1984 වසරේදී රෝසි සේනානායක, 2021 කැරොලයින් ජූරී යන ලාංකික විවාහ රූ රජිනියන් ලෙස කිරුළු පළඳමින් ලෝක රූ රැජන තරඟාවලි ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අමන්දා මෙසේ දෙවැනි තැන ලබමින් ජයග්‍රහණය කළ තැනැත්තියයි.
පසුගිය කාලයේ ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වන හෙක්ටර් ඩයස් අලුතින්ම එළිදැක්වූ නිර්මාණය 'මීනච්චී' ගීතයේ රංගන ශිල්පිනිය වූයේද අමන්දා වේ.
ගීතයේ විශේෂත්වය වන්නේ සමාජය තුළ අවපැහැයක් බව කියන කළු පැහැය ඇති තරුණියකට ගයන ගීතයක් වීමයි. සුදු සමක් ඇතිව ජයග්‍රාහී ගමනක් නැති බව සිතන තැනැත්තියන්ටත්, විවාහයකින් පසුව නිරූපණය හෝ රූ රැජනක විය නොහැකි බව සිතන කාන්තාවන්ටත් අමන්දාගේ ජයග්‍රහණයෙන් ඒ අනුව සැලකිය යුතු පණිවිඩ කිහිපයක් ලැබී ඇත.
අමන්දා දෙවැනි තැන ලැබූ පසුව ඇය සමග කරට කර තරඟ වැදුණ දකුණු අප්‍රිකානු විවාහක රූ රැජින ජයග්‍රාහිකාව වූවාය.

Back to top
Go to bottom