සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කරන මිහිර සිරිතිලක නිෂ්පාදනය කරන "මලක්" මාර්තු 07 වනදා සිට සතියේ දින පහේම සවස 06.30ට හිරු TV තුළින් ඔබේ ආලින්දයට ඒමට නියමිතයි.
සීතල නුවරඑළියේ මල් විකුණා ජීවත් වන්නට වෙර දරන තරුණයෙකු වටා ගෙතෙන මේ ටෙලිනාට්‍ය ආදරය, ත්‍රාසය, කුතුහලය ,මිත්‍රත්වය සියල්ල එක්ව ගෙන එන ලස්සන ආදර අන්දරයකි.

මෙහි මෙවර රයිගම් සම්මාන හොඳම නැගී එන නළුවාට සහ නිළියට නිර්දේශ වූ දිදුල ඉදුවර සහ සුහන්දි වොසදි රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අශාන් ධනංජය විජේසුරියයි. දසුනි සෙනෙත්මා, රොෂාන් පිලපිටිය , මොරින් ගුණතිලක ආදී රංගන ශිල්පීන්ද මෙහි රංගනයෙන් දායක වේ.
ලස්සනම මල් පිපෙන්නේ සීතල නුවරඑළියේ , ඉතින් ඒ මල්වල ලස්සන බලන්න ඔයාලත් සතියේ දින පහේම හිරු TV බලන්න ලෑස්ති වෙන්න.