lan englan tam

පුවත්

ප්‍රවීණ රංගන ශිල්පීණී මාලනී ෆොන්සේකාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනුම්දීමක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණි.
 
කෙසේවෙතත් අද උදෑසන වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි පවුලේ ඥාතීහූ පැවසූහ.
 
තත්ත්වය එසේ තිබිය දී මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර යමින් පවතින අතර, ඒ සියල්ල අසත්‍ය බවත් මේ මොහොතේ මානසික පීඩාවන් ඇති නොකරන ලෙසත් මාලනී ෆොන්සේකා ගේ පවුලේ ඥාතීහු ඉල්ලා සිටී.
 
එමෙන්ම ජනතාව එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් අදාළ අසත්‍ය පුවත් මුදාහරින පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු සිදුකර ඇති බවත් ඇගේ පවුලේ ඥාතීහු වැඩිදුරටත් පවසා සිටියා.
 
e80e4ca1 742e 4df3 84e7 594b2483de70
Back to top
Go to bottom