lan englan tam

පුවත්

දිවි ගමන නිම කළ සුර දූතිය “අකුෂ්ලා සෙල්ලයියා”!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාත්‍යන්තර මට්ටමේ නිලියක් සේම නිරූපිකාවක්ද වූ අකුෂ්ලා සෙල්ලයියා පසුගියද (16) සිය දිවි ගමනට සමු දුන්නා. ඇය මිය යනවිට ඇයට වයස අවුරුදු 67කි.


පහතින් දැක්වෙන්නේ Mithra Sri Karunanayake ඇය පිළිබඳව සිය මතකය අවදි කරමින් තැබූ සටහනකි.
අකුෂ්ලා සෙල්ලයියා.


80 දශකයේ මුල් කාලයේ ප්‍රදර්ශනය වු, ලංකාවෙ සුන්දර වනාන්තර සහ දියඇලි ආශ්‍රිතව තිරගත කල "Slave of the Cannibal god/Mountain in the Jungle/ Mountain of the Cannibal god යන නම් වලින් හැඳින්වුනු ඉංග්‍ර්‍රීසි වික්‍රමාන්විත චිත්‍රපටයෙන් තමයි මං මුලින්ම අකුෂ්ලා සෙල්ලයියා කියන ඒ එඩිතර, ප්‍රතිභාපූර්ණ නිලියව දැක්කෙ. ඒ මරදාන රූබි හෝල් එකේ උදේ ස්කූල් ශෝ එකෙන්.

10f1fc26 8bd6 4d73 82e8 164a1a21bce4


ඊට කාලෙකට පස්සෙ අකුෂ්ලා රොබින් අංකල්ගේ ( රොබින් ප්‍රනාන්දු මහතාගෙ) සුරදූතියෝ චිත්‍රපටයේ සුර දූතියක් ලෙසත් රඟපෑව.
Mountain in the Jungle කියන ජාත්‍යන්තර චිත්‍රපටයේ අකුෂ්ලා රඟපෑවෙ සහය චරිතයක්. ඒ වනවාසී ගෝත්‍රික කෙල්ලකට.රිචඩ් වීරක්කොඩි, ඩඩ්ලි වානගුරු, දෙනවක හාමිනේ, ඩී ආර් නනායක්කාර වගේ නළු නිළියන් රැසක්ම ඒ චිත්‍රපටයේ රඟපෑවා.


මේකේ ප්‍රධාන නිලිය අර්සුලා ඇන්ඩ්‍රෙස් Urzula Andress. ප්‍රධාන පිරිමි චරිත වුනේ Antonio Marsine, Stacy Kreach, Claudio Cossinelle යන අය.
මට මතකයි විශාල ගඟක ඔරුවක් පැදගෙන යද්දි විශාල කිඹුලෙක් රිචාඩ් වීරක්කොඩිගෙ අත ගලෝගෙන යනවා. ඒකට මගේ හිත ගැස්සිලා ගිය විදිය තාම මතකයි.


මගේ ජීවිතේට මං ඉස් ඉස්සෙල්ලාම රූමත් කෙල්ලකගෙ නිරුව්ත් උඩුකයක්, නිරුවත් ලස්සන පපුවක් දැක්කෙ ඒ චිත්‍රපටයෙ අකුෂ්ලාගෙයි. ඒක හරිම පිරිපුන් සහ සුන්දර පියයුරු දෙකක් කියල නව යොවුන් වියේ සිටි මට හිතුනා.එයා සුද්දෙක් ගාව නිරුවත් වෙද්දි මට තරහකුත් ආවා. ඒ ඔක්කොම රංගන කියල දැනිල මට ලැජ්ජත් හිතුනා.


අකුෂ්ලා එහි කුඩා චරිතයක් කලත් ඒක හරිම බලවත් සහ අමතක නොවන අන්දමින් ඉටු කරල තිබුනා.
අකුෂ්ලා කොළඹ කොල්ලුපිටියෙ පදිංචි උගත් නාගරික කෙල්ලෙක්. එලයිට් යයි කියන පවුලකින් පැවත එන්නෙ.එයාට නංගිල දෙන්නයි.සොහාශා සහ ඉමාරා ..

 

baf60e71 124c 43f2 937b 862fb1347af0


අකුෂ්ලාට මං කීවෙ අකුෂ්ලා අක්කි කියලයි. අකුෂ්ලා බැන්දේ ක්‍රිස්ටො. මගේ අයියගෙ යාලුවෙක්. එයාගෙ ලොකු දූ රායි. ඒකාලෙ චූටි කෙල්ල. දැන් ලොකු ගෑනියක්.


පස්සෙ කාලෙක අකුෂ්ලා අක්කා මට රෝල් මොඩ්ල් එකක් වුනා. ඒ කියන්නෙ ආදර්ශමත් චරිතයක් වුනා. එයා සියළුම ලෞකික බැඳීම් වලින් මිදිල , වස්ත්‍රාභරණ, පුහු ආටෝප වලින් මිදිල, කර වැසුනු හැට්ටයකින් සහ සුදු සාරියකින් සැරසුණු භක්තිවන්ත ගැහැණියක් වශයෙන් අධ්‍යාත්මික කටයුතු වල යෙදෙමින් ශුද්ධ ජීවිතයක් ගත කලා.


අපි අහම්බෙන් මුණ ගැහුන අවස්ථා කීපයකම මට බොහෝම දයාවෙන් සලකල අවවාද අනුශාසනා දෙන්නත් දෙවියන්වහන්සේගේ බලය සහ සුවය ගැන කියන්නත් ඈ පසුබට වුනේ නෑ.
අකුෂ්ලා නම් ඒ සුවිශේෂී ගැහැණියට මොක් සුව පතමි.


කර්තෘ - Mithra Sri Karunanayake

Back to top
Go to bottom