ඔන්න, මේ (අප්‍රේල්) මාසේ දැවැන්ත ප්‍රහසනාත්මක සිංහල චිත්‍රපටයක් වෙන "Housefull” තිර ගත වෙන වෙන බව වාර්තා වෙනවා.
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ චුලක්ෂි රණතුංග සමඟින් ජීවන් කුමාරතුංග, මිහිර සිරිතිලක, නිලන්ති ඩයස්, ටෙඩී විද්‍යාලංකාර වැනි ජනකාන්ත නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එක්වනවා.
හවුස්ෆුල් නිෂ්පාදනය කරන්නේ මොහාන් පෙරේරා සමඟින් සුනිල් ටී ප්‍රනාන්දු යි.
හවුස් ෆුල් අධ්‍යක්ෂණය කරන ශ්‍රී ලාල් ප්‍රියදේව විසින් මීට පෙර ඔහු ‘මගෝ ඩිගෝ ඩයි’ – ‘මගේ යාලු පුංචි භූතයා’ – ‘අපට සැදුනු අපේ ලෝකය’ වැනි නිර්මාණ කිහිපයක්ම අධ්‍යක්ෂණය කරනු ලැබුවා.