lan englan tam

පුවත්

සෙමිෆයිනල් ආපු බෑන්ඩ් එක ගැන කවින්ද්‍යා අධිකාරි තැබූ සටහන!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ මුම්බායිවල පැවැත්වෙන "Battle Of Bands International" තරගාවලියේ අර්ධ අවසන්පූර්ව වටයට පැමිණීමට ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන 'Knights' සමත් වූවා.

'Battle Of Bands' කියන්නෙ ඉන්දියානු රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන 'දූරදර්ශන් ටී. වී' වෙතින් ලෝක ප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන 'සරිගම' සමඟ එක්ව සිදුකරනු ලබන නිර්මාණ කටයුත්තක්.

'Battle Of Bands International' වේදිකාව  මාලදිවයින, මොරිෂස්, ටජිකිස්තානය, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, ශ්‍රී ලංකාව, නේපාලය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල සංගීත කණ්ඩායම්වලින් සැදුම්ලත් වනවා.

ලොවපුරා විහිදුණු සංගීත කණ්ඩායම් රැසක් එකම තැනක දස්කම් දක්වන මෙවැනි ජාත්‍යන්තර වේදිකාවක 'ශ්‍රී ලංකා' නාමය ඉහළට ඔසවා තැබීමට මේ තරුණයන් සමත්වීම සතුටට කරුණක් වගේම, ශ්‍රී ලංකාවට ගෞරවයක්.

'Knights’ සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ වෙන්නේ තරිඳු නිර්මාණ -Vocalist, ගීසර විජේකෝන්- Lead Guitarist & Vocalist, අරුන් ජෙරොමි - Guitarist & Vocalist, රුක්ෂාන් සිල්වා - Drummer, හංස ප්‍රනාන්දු - Keyboardist & Vocalist, දනිදු පෙරේරා - Bassist & Vocalist යන කණ්ඩායමයි.

https://web.facebook.com/share/v/1JjYS5Ufbq/

පහතින් දැක්වෙන්නේ ගායන ශිල්පිනී කවින්ද්‍යා අධිකාරි විසින් 'Knights' සංගීත කණ්ඩායම වෙනුවෙන් සිය මුහුණු පොතේ තබා තිබූ සටහනක්.

ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න අපේ අය හරි දක්ෂයි… හැබැයි හරි විදිහට ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන අය හරිම අතලොස්සයි!

Knights ඔයාලා දැන් වෙනකොට ඒක හරි විදියට කරලා ඉවරයි!

ඉන්දියාවේ බොහෝ දෙනා KNIGHTS BAND එකේ අපේ කොල්ලෝ ගැන කතා වෙනවා! ලංකාවෙත් බොහො දෙනා ඔයාලා ගැන කතා වෙනවා!

හෙට අනිද්දම ලංකාවට ඔයාල එන්න නියමිතයි! අපේ මේ පුංචි රටේ , තවත් කෙනෙක්ව අගය කරන කිහිප දෙනෙක් හරි ඉන්නවා කියලා මං විශ්වාස කරනවා!

ඔයාලා ලංකාවට ආවට පස්සේ මාධ්‍යයට ගෙන්නනවට වැඩිය ඔයාලා පැමිණෙන දවසට airport එකට ඔයාලාට ආදරය කරන, ඔයාලාව අගයන මිනිස්සු එයි කියලා හිතනවා!

හැබැයි, ඒ කවුරු නාවත් ඔයාලා ගෙ පවුල් වල අය එදාට ඔයාලා වෙනුවෙන් අනිවාර්යයෙන් ඉන්නවා කියලා කියන්න ඕනේ!

ඔයාලා නිකං දෙයක් නෙමේ කරේ ඔයාලා මහ ලොකු වැඩක් කරපු කොල්ලෝ ටිකක්!

අපිට එහෙම ආඩම්බරයක් ගෙනාවට ඔයාලා ට අපි හරිම ආදරෙයි!

ලෝකෙම ජයගන්න වාසනාව ලැබේවා!!

Back to top
Go to bottom