lan englan tam

පුවත්

ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රා ද සිල්වා දිවි සැරිය නිමා කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය අද (25) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී දී.

මියයන විට එම මහත්මිය 88වැනි වියෙහි පසු වුණා.

පිං සිදුවන්නේ අනේ බාල ළමුන්නේ- ( C.T. ප්‍රනාන්දු සමග), අත මිට කාසි පනම්‍- ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමග), ජය සිරි මහ බෝධි රජා, මගෙ හෙළ බිම සෙවන කලා, චන්දා වගේ මෙ රූ නීළඹරේහී, හිනැහේවී පොඩි දියණී සංජීවනී... වැනි ජනප්‍රිය ගීත රැසක් චන්ද්‍රා ද සිල්වා වීරසිංහ විසින් ගායනා කර තිබෙනවා.

ගුවන්විදුලියේ ළමා ගායිකාවක ලෙස ගායන ලෝකයට අවතීර්ණ වූ ඇය ශ්‍රේණිගත සරල ගී ගායිකාවක ලෙසද, 'සුහද දිවි පිදුම" ඇතුළු චිත්‍රපට ගණනාවක එච්. ආර්. ජෝතිපාල, සිඩ්නි ආටිගල ඇතුළු ප්‍රවීණ ගායකයන් රැසක් සමඟ ද ගීත ගායනා කර ඇත.

චන්ද්‍රා ද සිල්වා මහත්මිය ප්‍රවීන නිවේදිකා හා ගායිකා සංජීවනී වීරසිංහ ගේ මෑණියන් ද වනවා.

500069606 1279066727553490 2042214466149269228 n

Back to top
Go to bottom