lan englan tam

පුවත්

නිළි රැජිනිය මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට (වීඩියෝ)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා මේ වනවිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා.

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

අද පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතව තිබේ.

පස්වරු 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාමට කටයුතු කරනු ඇත.

‘හෙල සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ රංගන ශිලිපිණී මාලිනී ෆොන්සේකා පසුගිය සෙනසුරාදා (24) අසනීප තත්වයක් හේතුවෙන් සිය දිවි සැරිය නිම කළාය.

අභාවප්‍රාප්ත වන විට එතුමිය 78 වන වියේ පසුවූවාය.

Back to top
Go to bottom