ලෝක ප්‍රකට සංගීතඥයකු වන A.R රහමන් සිය සිනමා සංගීත දිවියේ 25 වන අවුරුද්ද සම්පුර්ණ කරයි.
1992 දී තිරගත වූ රෝජා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයත් සමඟ සිනමාවේ පුරාවෘත්තයක් බවට පත් වූ ඔහු ගීත ක්ෂේත්රය තුළ විවිධ කඩයිම් පසු කරමින් පැමිණ අන්තර්ජාතික ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ එකම ඉන්දියානුවා වීමේ භාග්‍ය ද හිමි කරගත්තේය.
රහමන්, මෙම වසරේ ජුලි 8 වන දින ලන්ඩනයේ වෙම්බ්ලිහි පිහිටි SSE රඟමඬලේ සිය සංගීත ප්‍රසංගය පැවැත්වීමට ද කටයුතු සුදානම් කර ඇත.
ප්‍රසංගය නම් කර ඇත්තේ නෙට්රු ඉන්රු නාලෙයි නමිනි.
එහිදී බෙනි දයාල්, නීති මෝහන්, හරිහරන්, ජොනිටා ගාන්ධි, රන්ජිත් බාරත් සහ ජාවෙඩ් අලි සිය සංගීතමය දායකත්වය ලබාදීමට නියමිතය.