ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අමල් ඉන්දික ගජමන්ගේ පත්කර තිබේ.
කළමනාකරණය, වෙළෙඳ හා අලෙවි, සන්නිවේදන සහ නිෂ්පාදන කළමනාකරණය යන ක්ෂේත්රවල වසර 20කට අධික අත්දැකීම් ඔහු සතුව වේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු මහා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයේ උසස් අධ්‍යාපනය හැදෑරූ අයෙකි.
Project Based Consultancies හි අලෙවි උපදේශකවරයෙකු, ඇමෙරිකාවේ පිහිටි Bio Plus Life Science හි මෙරට කළමනාකරු, නවලෝක රෝහල් සමූහයේ වෙළෙඳ කළමනාකරු සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් Ceylon Cold Stores PLC හි මාධ්‍ය සහ සන්නිවේදනය කළමනාකරු ලෙසින් ඔහු සේවය කර ඇත.
සිරස සුපර් ස්ටාර් වැඩසටහන ඔහුගේ සංකල්පයක් වන අතර, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සන්නාමය ප්‍රචලිත කිරීමට ද ඔහු මූලිකත්වය ගෙන කටයුතු කළේය.
ශ්‍රී ලංකා රූපවාහිනියේ Rhythm Chat හා Chat & Music යන වැඩසටහන් ද ඔහුගේ අදහස් වේ.
ඡායා- srilanka mirror