විශාල වශයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ සොයා බැලීම සඳහා ඉන්දීය සුරාබදු දෙපාර්තමේන්තුව පත්කළ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් නළු නිලියන් ගායකයන් ඇතුළු තෙළිඟු කලා ශිල්පින් 14 දෙනකුට නොතිසි නිකුත් කිරීමට කටයුතු කර ඇත.
නොතිසි ලැබීමෙන් දින 6ක් ඇතුලත ඔවුන් හමුවේ පෙනී සිටීම අනිවාර්ය බව එහි සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් නොතිසි නිකුත් කළ තෙළිඟු කලා ශිල්පීන්ගේ අනන්‍යතාවය පිලිබඳ කිසිදු තොරතුරක් සුරාබදු අංශය හෙළි කර නැත.
මෙම සිදුවීම තෙළිඟු සිනමා කර්මාන්තයට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව විචාරකයෝ ප්‍රකාශ කරති.
ජූලි මස ආරම්භයේ සිට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශය කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගයන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.