ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ වසරේ සිට නැවත ආරම්භ කිරීමට ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම හා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය මුල පුරා ඇත. මෙම කතිකාව සෑම මසකම 4 වැනි අඟහරුවාදා, සවස 5:00 සිට 7:00 දක්වා, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙහිදී නාට්‍ය කලාවට අදාල විඩියෝපට ප්‍රදර්ශනය කෙරන අතර, ඉන් අනතුරුව සංවාදය පැවැත්වේ.
එහි පළමු අදියර ලෙස, "ජර්මානු ළමා හා යොවුන් නාට්‍ය 1" වාර්තා චිත්‍රපටය හා සංවාදය 2017, ජූලි 25 වැනිදා පැවැත්වේ.
මෙහෙයවීම- නාට්‍යවේදී එම්. සෆීර්
ඉදිරි මාසික සංවාද-
අගෝස්තු- රංගනය හා රංගාලෝකය
සැප්තැම්බර්- නාට්‍ය අර්ථ කථනය හා විචාරය
ඔක්තෝබර්- වේදිකාව හා නර්තනය
නොවැම්බර්- ජර්මන් ළමා හා යොවුන් නාට්‍ය 2
කොළඹ නාට්‍ය කතිකාව යනු නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වූ අවකාශයකි. කොළඹ නාට්‍ය කතිකාව නාට්‍ය විද්‍යාර්ථීන්, අධ්‍යක්ෂකවරුන්, රචකයින්, නළු-නිළියන්, විචාරකයින්, රංගාලෝක ශිල්පීන්, පසුතල නිර්මාණකරුවන්, වේදිකා කළමණාකරුවන්, සිසුන් සහ ප්‍රේක්ෂකයින් ආදී සියලු දෙනා එක්වී නාට්‍ය කලාවේ නිම් වළලු පුළුල් කිරීම උදෙසා සංවිධානය කරනු ලබන්නාවු කතිකාවකි.