කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ නාට්‍ය අධ්‍යයන අංශයේ සිව්වන වසර විද්‍යාර්ථයින් විසින් ඉදිරිපත් කරනු ලබන “මෙසියස්” නාට්‍ය නිර්මාණය එළැඹෙන අගෝස්තු 16 වැනි දින වේදිකා ගත කිරීමට නියමිතය.
විශ්වවිද්‍යාල ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේ දී එදින පස්වරු 6.30 ට මෙසියස් වේදිකා ගත වනු ඇත.
කථිකාචාර්ය තුමිඳු දොඩන්තැන්න සහ කථිකාචාර්ය නලින් ලුසේනාගේ මග පෙන්වීම යටතේ සිව්වැනි වසරේ විද්‍යාර්ථයන් වන ජයශාන් එල්ලාවල සහ ශලනි හේවගේ විසින් මෙම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කර තිබේ.
වේදිකා නාට්‍ය සඳහා පාදක වී ඇත්තේ චීන චිත්‍රපටයක් වන ෆ්ලවර්ස් ඔෆ් වෝර් (flowers of war) සිනමාපටයයි.
1937 මුල් අවධියේදී ජපන් සෙබළුන් විසින් චීනයේ ෂැංහයි සහ නැංකින් ප්‍රදේශ ආක්‍රමණය කිරීමේදී සිදු වූ ඛේදවාචකය තේමා කරගත් සිනමාපටය සැන් යිමෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි.
https://casite-737679.cloudaccess.net/news/1690-2017-08-15-02-06-57#sigProId05a369f062