lan englan tam

පුවත්

"බෙත්ලෙහෙමේ දෝංකාරය"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නත්තල් ආසිරි රැව් පිළි දේ
සදහම් සිතුවිලි ලොව පැතිරේ
දෙව්පුත් කුමරුන් ලොවට වැඩම කර
විමුක්‌තියේ රැස්‌ ලොවට උදාවේ


"බෙත්ලෙහෙමේ දෝංකාරය" නත්තල වෙනුවෙන් දොරට වැඩි සී. ඩී. පටියකි.

බයිබලයේ ශුද්ධ ලියවිලිවල නත්තල පිළිබඳ ඇති පණිවුඩය ඉතා සරල බසින් මේ ගීත ඔස්‌සේ ගෙන එනු ලබයි. අද පවතින නාද රටාවන්ට අනුබද්ධව ඉතා සරල ලෙස සංගීතයද නිර්මාණය කර තිබේ. ගී පද රචනය ආචාර්ය දයා වැලිකඩආරච්චි පියතුමා, ආචාර්ය ඇන්ටනි ප්‍රනාන්දු පුල්ලේ පියතුමා සහ අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්‌කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ විශාරද එඩ්වඩ් තිලකරත්න පියතුමා විසිනි.

ගීත ගායනා නිරෝෂා විරාජනි, චන්දන ලියනාරච්චි, නලින් පෙරේරා, නෙලූ අධිකාරි, නදීමාල් පෙරේරා, ප්‍රසන්න ප්‍රනාන්දු සහ දයාවේ වසර වෙනුවෙන් පැවැති ගීත ගායනා තරගයේ ප්‍රථම සම්මානය දිනාගත් ඈන් එවාදිනී සිල්වා සහ සුසිත් වීරක්‌කොඩි විසිනි. ගී තනු හා සංගීත නිර්මාණය විශාරද එඩ්මන්ඩ් තිලකරත්න පියතුමාගෙනි.

'බෙත්ලෙහෙමේ දෝංකාරය' අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්‌කෘතික කේන්ද්‍රයේ නිර්මාණයකි.

kemadasa

Back to top
Go to bottom