බොලිවුඩ් සිනමාපටයක් තරමට සුන්දර ප්‍රියංකාගේ විවාහය මෙන්න
සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ සහ ජනප්‍රිය ඇමරිකානු ගායක නික් ජෝනාස්ගේ විවාහ මංගල්‍යය මේ වනවිට විදෙස් මාධ්‍ය වල ප්රමුඛ පුවතක් බවට පත්වී තිබෙනවා.
දෙපාර්ශවයේ ඥාති හිත මිත්‍රාදීන්ගේ සහභාගිත්වයෙන් දින කිහිපයක පටන් සිදු කළ මෙම විවාහ සැමරුම් උත්සව මාලාව වරෙක බොලිවුඩ් සිනමාපටයක් යැයි සිතෙන තරම් විචිත්‍රවත් මෙන්ම විනෝදයෙන් පිරි ඇති බව පැවසුවොත් නිවැරදියි.
මනාල සහ මනාලියගේ පාර්ශවය දෙපිලට බෙදී තරගයක් ආකාරයෙන් සිදු කරන “සංගීත්” නම්, හින්දු සම්ප්රදායේ එන පුර්ව විවාහ චාරිත්‍රය ද මෙහිදී ඔවුන් විසින් ඉටු කර තිබුණා. එසේම ඔවුන් දෙපිලකට බෙදී ක්‍රිකට් තරගයක් ද පවත්වා තිබුණා.
මෙම සංගීත සන්ධ්‍යාව පිළිබඳව ප්‍රියංකා චොප්රා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි මෙවන් සටහනක් තබා තිබුණි.
“පවුල් දෙක අතර ගීත සහ නර්තන තරගය ආරම්භ වුණේ ඉතාමත් තරගකාරී බවකින්, ඒත් හැමවෙලේම වගේ එය අවසන් වුණේ දැවැන්ත ආදර සැමරුමකින්. නික් වගේම මම බලාගෙන හිටියේ සංගීත්(සංගීතමය සන්ධ්‍යාව) එනකල්, තවත් පෙර විවාහ චාරිත්‍රයක්.... දෙපැත්තම මොකද කරන්නේ බලන්න.
මොන තරම් ලස්සන ඉදිරිපත් කිරීමක්ද.. දෙපැත්තම අපේ කතා ගීත වලින් වගේම නර්තනයෙන් ඉදිරිපත් කළා, සිනහව වගේම ආදරය පිරිලා. ඔවුන්ගේ මහන්සියට අපි හදවතින්ම ස්තුතිවන්ත වනවා. ආදරය, සිනහව ඒ වගේම මේ විශේෂ සන්ධ්‍යාවේ මතකයන් අපේ ජිවිත කාලය පුරා මතකයේ තියේවි. ජිවත කාලෙම එකට බැඳී සිටින අපේ පවුල්වලට වගේම යහලුවන්ටත් එය සුවිශේෂී ආරම්භයක්.”