“බෝම්බයක් ඉතුරුයි” ලයනල් වෙන්ඩ්ට් රඟහලට
සම්මානිත වේදිකා නාට්‍යය අධ්යක්ෂ චාමික හත්ලහවත්තගේ නවතම වේදිකා නිර්මාණය “බෝම්බයක් ඉතුරුයි” ජනවාරි 13 සහ 14 යන දෙදින රංගගත කිරීමට නියමිත ය.
ඒ ඉහත දිනවල සවස 7 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී ය.
ගිහාන් ප්‍රනාන්දු, උමයන්ගනා වික්‍රමසිංහ, සරත් කරුණාරත්න, ප්‍රදීප් රාමවික්‍රම, සිළිඳු රන්වල, ජිතේන්ද්‍ර විද්‍යාපති රංගන දායකත්වය සපයන මෙම වේදිකා නිර්මාණය නිරෝෂ් කවිරත්න නිෂ්පාදනයකි.
හොඳම නාට්‍යය ඇතුළු රාජ්‍ය සම්මාන 8 ක් දිනූ “හරි අපූරු දවසක්”, රාජ්‍ය සම්මාන 9 ක් දිනූ “මකරට”, හොඳම නාට්‍ය ඇතුළු රාජ්‍ය සම්මාන 10 ක් දිනූ “රජා මං වහලා” චාමික හත්ලහවත්තගේ අනෙකුත් වේදිකා නිර්මාණ වේ.