ලොව ජනප්‍රිය සිනමා සම්මාන උලෙළක් වන ගෝල්ඩන් ග්ලෝබ් සිනමා - ටෙලිවිෂන සම්මාන උලෙළදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත්වූ ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටය ඔස්කා සම්මාන 14ක් සඳහා නිර්දේශ වී ඇත.
සංගීතමය චිත්‍රපටයක් වන "ලා ලා ලෑන්ඩ්" පියානෝ වාදකයකු සහ හොලිවුඩ් නිළියක අතර ආදර අන්දරයක්ද දැක්වෙන කතා තේමාවකින් යුක්තය.
හොඳම සිනමාපටය, හොඳම නළුවා සහ නිළිය, හොඳම සහය නළුවා සහ නිළිය, හොඳම සංගීතය, හොඳම සංස්කරණය, හොඳම සිනාමාරූපණය, හොඳම ශබ්දරසය, හොඳම නිෂ්පාදන නිර්මාණය සහ හොඳම වේශ නිරූපණය... යනාදි ප්‍රධාන සම්මාන යෝජනා වී ඇත.
මේ අනුව, ඔස්කා සම්මාන ඉතිහාසයේ වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වූ සංගීතමය චිත්‍රපටය බවට ද ‘ලා ලා ලෑන්ඩ්’ පත්ව තිබේ.
මේ වනවිටත් හොලිවුඩයේ දැවැන්ත ජයග්‍රාහකයෙක් බවට පත්වී සිටින ලා ලා ලෑන්ඩ් සිනමාපටය පෙබරවාරි 24 දිනයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලබයිද යන්න නිර්මාණකරුවන්ගේ කුතුහලය දනවන බලාපොරොත්තුව වී ඇත.
සබැඳි පුවත් :