"Bright Exposure 2019" ඡායාරූප ප්රදර්ශනය J.D.A. පෙරේරා කලාගාරයේ දී
රාජ්ය ඡායාරූප උපදේශක සභාව, ශ්රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්යංශය එක්ව සංවිධාන කළ ශ්රී ලංකා රාජ්ය ඡායාරූප උළෙල 2019 ට සමගාමිව සංවිධාන කළ "Bright Exposure” ඡායාරූප ප්රදර්ශනය අද (23) කොළඹ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී ආරම්භ විය.
උළෙලේ සම්මානලාභී ඡායාරූප සහ තෝරාගත් ප්රශස්තතම ඡායාරූප ඇතුලත් "Bright Exposure 2019” අගෝස්තු 23,24 සහ 25 තෙදින පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වා විවෘතව පවතියි.