පෙබරවාරියේ කවිපොත් හතරක් එළියට
කවීන් සිව්දෙනකු ලියූ කවි පොත් හතරක් පෙබරවාරි මස දී එළිදැක්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව එළිදැකීමට නියමිත කෘතීන් වන්නේ රිවිහාර පින්නදූවගේ “අධි පීඩන මල් වැස්ස යටින්”, රෝහණ පොතුලියද්දගේ “ඒක ඓන්ද්රජාලික ඉසව්වක්”, ජගත් සී. ජයසිංහගේ “වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට” සහ නඳුන් දසනායකගේ “මගේ ආලයේ ග්රැමෆෝන්” ය.
කවිපොත් එළිදකින දිනය සහ ස්ථානය මෙසේ ය,
“අධි පීඩන මල් වැස්ස යටින්” පෙබරවාරි 11 සවස 3ට කොළඹ, ජාතික පුස්තකාල ශ්රවණාගාරයේ දී
“ඒක ඓන්ද්රජාලික ඉසව්වක්” සහ “වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට” පෙබරවාරි පෙබරවාරි 14 සවස 3.30ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේ දී
“මගේ ආලයේ ග්රැමෆෝන්” පෙබරවාරි 26 වැනිදා සවස 3ට කොළඹ, ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේ දී
ඔබ සැමට ආරාධනා!!