කීර්තිමත් ගත්කතුවර ඩබ්ලිව්.ඒ. අබේසිංහයන්ගේ නවතම ග්‍රන්ථය එළිදැක්වීම අද (12) සවස සිදු විය.
'ආනන්දයෙන් ප්‍රඥාවට' වැනි පොත් ලියා තබමින් පාඨක මනස පහදන කතුවරයෙකු වූ ඔහු ගැන වටිනා සටහනක් කතුවරයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු වන බණ්ඩාර වැවගෙදර මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබිණි.
ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ යනු මාධ්‍යවේදියෙකු, සංස්කෘතික විචාරකයෙකු, කවියෙකු, ගීත රචකයෙකු සහ සමාජ විචාරකයෙකු ලෙස සිය ජීවිත කාලය තුළ පාඨකයා තුළ ගැඹුරු හැඟීම් නිමැවූවෙකු වන්නේය.
ඩබ්.ඒ. අබේසිංහ යනු මිනිස් චින්තනයෙහි මහලු නොවන මිනිසෙකි. ඔහුගේ අලුත්ම කෘතිය 'දේශ දේශාන්තරයෙහි'ය.දේශ දේශාන්තරයෙහි යන කෘතිය ජනගත කිරීම 12/11/2023 යන දින කුලියාපිටියේ නගරශාලාවේදී සිදුවිය. ජනගත කිරීම වනාහී පාඨකයාට හඳුන්වාදීමය.නූතන සමාජය පාඨකයා නැති සමාජයකි.බංකලොත් රටක මොන පාඨක සමාජද?
එය එසේ තිබියේවා. මගේ පපුවේ අදහස මෙසේ කියමි.
ශුද්ධ වස්තුවක් අතට ගන්නා සේ.."දේශ දේශාන්තරයෙහි.." පොත අතට ගතිමි.ඒ කෙරෙහි මා තුළ ඇත්තේ ගැඹුරු භක්තියකි. භක්තිවන්තවීම නුසුදුසුය. එහෙත් ආගමෙන් තොරව පොතකට භක්තිවන්තවීම යනු නිදිවැදගත් සම්ප්‍රදායික මතිමතාන්තර හා ආකල්පවලට යුද ප්‍රකාශ කිරීමකි.එම යුද ප්‍රකාශය ඔහුගේ බොහෝ කෘතිවල මෙසේ නිංනාදදෙයි.
....මුළු ලොවම මවක් වී
දරු දුකින් කිරි එරී
කිරි බරැති වූ ළයෙන්
නුඹ රකින දිනක් එයි
මුළු ලොවම පියෙක් වී
යෝධ කායෙන් නැගී
සවි බලැති යුග අතින්
නුඹ රකින දිනක් එයි...
( රතුම රතු -1984 නමක් නැති දියණිය )
.....මල් නංගියේ මල් විකුණන කතරගම.
මේ සුදු නෙළුම මත පැන් පොද ඉසිනු කිම
දුක් කඳුළින් නගේ දෙනෙතෙහි එකතු වුණ
දොවපන් මෙමල ඉන් බුදුහිමි පුදමි මම..
(පින්තාලියේ පෙත්සම.1991-පින්තාලියේ පෙත්සම )
ඩබ්. ඒ අබේසිංහ සර්....හෙට අපි මියෙමු.එහෙත් ඔබේ පොතින් එළියට එන සෞංදර්යාත්මක සත්‍යය සමඟ පාඨක සමාජය බුද්ධිය හා සතුට ලබනු ඇත. ඔබට ශක්තිය හා දිරිය තවදුරටත් ලැබෙන්නයි මගේ හද ගැබේ පැතුම.