ඇය නමින් ක්රිස්ටිනා ප්රනාන්දු. ඇය මේ වන විට හැඳින්වෙන්නේ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල පුරාවෘත්ත ගායක දෙපලගේ ගීත ගායනයට යොදවන සවිමත් හඬ මුසුව හේතුවෙනි.
මතකයෙන් ගිලිහුණු වල්පොල දෙපලගේ කන්කළු ගීත වෙනුවෙන් යළි පණක් දීමට එම දෙපලගේ මුණුබුරා සමග එක්ව දක්වන දායකත්වය හේතුවෙනි.
වල්පොල ගායක දෙපලගේ දියනිය ධම්මිකා බණ්ඩාර සහ සංගීතඥ මහින්ද බණ්ඩාරගෙ පුතණුවන් වන තිසර බණ්ඩාරගේ බිරිඳ වන ක්රිස්ටින්නගේ ජීවිතය, සංගීත ලැදිකම සහ තිසර සමග ආදර කතාව ගැන පෞගියදා 'සරසවිය' යූටියුබ් චැනලය සමග සංවාදයකට ඔවුන් අදහස් පළ කර තිබිණි.