විශාරද සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනිය ගායනා කරන 'කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ' ගීතය ආරම්භයේ පටන්ම ගීත අසන්නන්ගේ හද බැඳගත් සුන්දර ගීතයක් වේ. මෙම ගීතය සංගීතාවත් කරනු ලැබ ඇත්තේ රෝහණ වීරසිංහයන් විසිනි.
ගීතයක් ජනප්‍රිය වූ විට සාමාන්‍යයෙන් එම ගීතයේ ගායකයා හෝ ගායිකාව මෙන්ම සංගීත නිමැවුම්කරුවාත් ගී පද රචකයාත් ජනප්‍රිය වීම සිදු වේ. නමුත්, මෙම ගීතය රචනා කළ එවකට අනුරාධපුරයේ විස කරුණාරත්න ජයතිලක මහතා මේ දක්වා ගීතය ජනප්‍රිය වුවත් සමිතා මුදුන්කොටුව ගායන ශිල්පිනිය හෝ ගීතය සංගීතවත් කළ රෝහණ වීරසිංහයන් මේ දක්වා මුණ ගැසී නොමැත. එසේ නමුත්, මේ දක්වා ඔහු වෙත ගීතයේ කර්තෘභාග ගෙවීමද නිසි ලෙස සිදු වන බව රෝහණ වීරසිංහ මහතා පවසයි. මෙය කලා ක්ෂේත්රයේ ඉතා දුර්ලභ සිදුවීමකි.
ඒ බව මෑතකදී රෝහණ වීරසිංහ මහතා සිය සමාජ මාධ්‍ය ජාලවලද පළ කර තිබුණේ ඒ පිළිබඳව විස්තරාත්මක සටහනක්ද තබමිනි.
"විශාරද සමිතා මුදුන්කොටුව ගායනවේදිනිය ක්ෂේත්රයට පිවිසෙන අවදියේ අරුත්බර පදමාලා සොයමින් සිටියදී මේ බව දිවුල්ගනේ සොහොයුරාට පවසා තිබුනා.දින කීපයකට පසු අනුරාධපුරයේ වෙසෙන
කරුණාරත්න ජයතිලක නම්වූ ආධුනික ගීතරචකයෙක් තමා ලියූ රචනාවන් කීපයකුත් රැගෙන දිවුල්ව මූණගැහුනා.ඒ ගීත රචනාවන් අතර ගායිකාවක් වෙනුවෙන් ලියූ එකක් දිවුල්ගේ ඇසට අහුවුනා. වහාම එය ඉල්ලගත් ඔහු කොළඹ ආ විගස සමිතා අතට එය පත්කළා.ඇය ඒක මට භාරදුන්නා සංගීතවත් කරන්න. මේ ගීතය හැදුනෙ එහෙමයි.මමවත් සමිතාවත් තාම රචකයාව දැකලවත් නෑ. ඒත් මගේ යොඋඨුබෙ චැනලයේ මේ ගීතය වෙනුවෙන් ලැබෙන මුදලින් පදරචකයාට හිමි කතෘභාග මුදල් ඔහුවෙත මාස්පතා ලබාදෙන්නට මම කිසිවිටෙකත් අමතක කරන්නෙ නෑ."