මෑතකදී ප්රදර්ශනයෙන් ඉවත් කරගත් සිය චිත්රපටය 'අන්නාපූර්ණි' වෙනුවෙන් දකුණු ඉන්දියාවේ 'ලේඩි සුපර් ස්ටාර්' අන්වර්ථ නාමයෙන් හඳුන්වන ජනප්රිය නිළි නයන්තාරා ජනතාවගෙන් පසුගියදා සමාව ඉල්ලා සිටියාය.
ඒ 'අන්නාපූර්ණි' යනු කිසිවෙකුගේ සංවේදී අදහස් හා ඇදහිලි කෙරෙහි රිදවීම සඳහා නිකුත් කළ චිත්රපටයක් නොවන බවත් එය ඉදිරිගාමී අදහස් සහිතව නිකුත් කළ චිත්රපටයක් බව පහදමිනි.
කෙසේනමුත්, චිත්රපටයෙන් සිත් රිදවුණු පාර්ශ්වවලින් තමන් සමාව ඉල්ලා සිටින බවත් දශක 02ක් වන සිය කලා දිවියේ තමන් ඉගෙන ඇත්තේ සුබවාදී අදහස් පතුරුවන ලෙස සහ තවෙකෙකුගෙන් නොපමාව ඉගෙන ගත යුතුය යන කාරණා බව සඳහන් කරමින් නයන්තාරා සිය ඉන්ස්ටග්රෑම් සටහනකින් ප්රසිද්ධියේ සමාව ඉල්ලා තිබිණි.