'පාර දිගේ' ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි නවක රංගන ශිල්පිනියක් වන කෞශල්‍යා මැදිවක.
දැනට ටෙලි නිර්මාණ කිහිපයකටම සිය රංගන දායකත්වය ලබා දී ඇති කෞශල්‍යා රංගන ශිල්පිනියක් ලෙස දිගු ගමනක් යන්නට අපේක්ෂා කරමින් සිටියි. මිරර්ආර්ට්ස් සමගින් මේ දිගහැරෙන්නේ කෞශල්‍යාගේ කතාවයි.
ඔබ රංගන ශිල්පිණියක්?
ඔව් මම ආධුනික රංගන ශිල්පිනියක්. මුලින්ම මම ක්ෂේත්රයට එන්නේ පාර දිගේ ටෙලි නාට්‍යය හරහා. එහි මම හෙදියක් විදිහට රඟපැවා. මට ඒකට අවස්ථාව ලැබුණේ සද්ධා මංගලසුරිය බණ්ඩාර සර් මඟ පෙන්වීම හරහා. ඔහුගේ ඉම්පාස් රංග පාසලේ මම ශිෂ්‍යාවක් විදිහට කටයුතු කරනවා. ඒ හින්දා තමා මට මේ අවස්ථාව ලැබුණේ කියලා හිතනවා.
මොනවද ඔබ දායක වූ නිර්මාණ ?
දැනට මම 'සංසාරණී' ටෙලි නාට්‍යයේ රඟපාලා තියෙනවා. ඒකෙත් මම පෙනී හිටියේ හෙදියක් විදිහට. හෝටල් පාසලක් වටා ගෙතුණු උන්මාදනි ටෙලි නාට්‍යයේ මම ශනාෂාගේ යාළුවා විදිහට පෙනී හිටියා. එක දිගට මට කලා ක්ෂේත්රය තුළ වැඩ කරන්න ලැබුණේ නැහැ පෞද්ගලික හේතුවක් හින්දා. නමුත්, දැන් මම ආයෙත් කලා කටයුතු එක්ක සම්බන්ධ වෙලා වැඩ කරමින් ඉන්නවා. ඉදිරියේදී මාව 'කාලි' කියලා චිත්‍රපටයක් හරහාත් දකින්න පුළුවන් වේවි. ඒ වගේම පසුගිය කාලේ තව වැඩ කිහිපයක්ම මම කළා. ඒ හරහාත් ඉදිරියේදී මාව දැකගන්න පුළුවන්.
කලාවට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ?
මම හිතන විදිහට නම් කලාවට එකතු වෙන්න නම් දක්ෂතාවය වගේම වාසනාවත් තියෙන්න ඕනා කියලා. කලාවට ආවා වගේම කලාවේ රැඳිලා ඉන්නත් අපිට ලේසි නෑ. හරි විදිහට හරි ගමනක් ගියොත් කලාවෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතනවා.
පාසල් කාලේ කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවාද?
පාසල් කාලේ නම් මම පාසල් මට්ටමින් තියෙන නාට්‍යය තරගවලට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ මම විෂයක් විදිහට නාට්‍යය හා රංග කලාව හදාරලා තියෙනවා.
දිගටම කලාවේ රැඳෙන්නද අදහස?
දිගටම කලාවේ රැදිලා ඉන්න තමා මගේ බලාපොරොත්තුව. දැනට මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක දෙවනි වසරේ ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය ලබනවා. කලාවට මම කැමති නිසා කලා කටයුතුවලට සහහාගි වෙනවා. හැබැයි මම වෘත්තියක් විදිහට කලාවේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
කවුද උදව් කරපු අය?
විශේෂයෙන් මතක් කරන්න ඕනා මගේ පවුලේ සියලු දෙනාවත් ප්රියංගන විශ්වජිත් අයියා, චමිල අයියා, සද්ධා මංගලසුරිය බණ්ඩාර සර්, චේතනි මිස් හා නම් කියන්න බැරි වුණ ගොඩක් දෙනෙක් මගේ කලා ගමනට උදව් කරලා තියෙනවා . ඒ හැමෝටම බොහෝම ස්තුති කියන්න මේක අවස්ථාවක් කරගන්නවා.
සංවාදය : බුද්ධික සේනාධීර