lan englan tam

පුවත්

උදයකාන්තගේ 'හිරිපොද වැස්ස 2'ට තිර රචනාව සුනෙත් සහ ප්‍රියනාත්ගෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සිනමාපටයක් වන 'හිරිපොද වැස්ස 2' චිත්‍රපටයේ දෙවැනි කොටසක් ඒමට නියමිත බව ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදයේ සාමාජික සුනෙත් මාලිංග ලෝකුහේවා ඉඟි පළ කරයි. 

එසේම එහි අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය 'හිරිපොද වැස්ස 2' චිත්‍රපටයේ තිර පිටපත රචනා කිරීමද සුනෙත් මාලිංග ලොකුහේවාට සහ ඔහු සමග තිර රචකයින්ගේ සංසදයේ සාමාජිකත්වය දරණ ප්‍රියනාත් විදානපතිරණට භාර දී තිබේ. 
 
උදයකාන්ත වර්ණසූරිය විසින් මේ වන විට සිනමාපට 28ක් නිර්මාණය කරනු ලැබ ඇත්තේ එම චිත්‍රපටවල තිර රචනාව සහ අධ්‍යක්ෂණය යන කාර්යය දෙකම තමන් විසින්ම ඉටු කරනු ලැබීමෙනි. නමුත්, හිරිපොද වැස්ස 2 චිත්‍රපටයේ තිර රචනය පළමු වතාවට මෙම තිර රචකයින් දෙදෙනාට භාර දෙමින් උදයකාන්ත වර්ණසූරිය සිය සම්ප්‍රදායික මග වෙනස් කර තිබේ. 
 
ඒ අනුව තමන් නොලියූ පිටපතක් 'පළමුවරට' අධ්‍යක්ෂණය කිරීමට උදයකාන්ත වර්ණසූරිය පියවර ගෙන ඇත.  
 
සිනමා රචනය සහ අධ්‍යක්ෂණයෙන් ජනප්‍රිය වන සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණගේ තිර රචනාව උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කිරීම සිනමා රසිකයින්ට ඉදිරියේදී සුබදායී බලාපොරොත්තුවක් ඇති කිරීම නොඅනුමානය.
Back to top
Go to bottom

Popular News