lan englan tam

පුවත්

'අම්මා සඳකි' ගීතය ගැන ආන්දෝලනයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'අම්මා සඳකි' යනුවෙන් ප්‍රවීණ ගායන ශිල්පී ටී.එම්. ජයරත්න ගායනා කරන ජනප්‍රිය ගීතය පියගුණ ගීතයක් වශයෙන් සිංහල ගීත රසිකයින් බෙහෙවින් ජනාදරයට පාත්‍ර වූ ගීතයකි. 

මේ ගීතය ගැන පසුගියදා සමාජයේ අවධානයට ලක් වූයේ ප්‍රවීණ ගේයපද රචක රවී සිරිවර්ධන පළ කළ අදහසක් හේතුවෙනි. 
 
එයින් 'අම්මා සඳකි' ගීතය යනු වැඩකට නැති ගීතයක් බව හැඟවෙන අදහසක් දැක්වීමත් ඒ පිළිබඳව විසංවාදී අදහස් සමාජය තුළ ඇති වී තිබූ අතර අනතුරුව රවී සිරිවර්ධන විසින් රචිත පසුගාමී බව කියවෙන ගීත පිළිබඳව ඇතැම් පාර්ශ්ව විවේචනයට ලක් කිරීමත් සිදු විය. 
 
මේ පිළිබඳව අදහස් දක්වමින් රවී සිරිවර්ධනද සිය අදහස අද (05) සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි. 
 
"ඔව් මට හොඳටම රිදුන.. මේ ඒ ගැන..
එහෙන් මෙහෙන් ඇමතුම් එනව,මැසේජ් එනව.. "රවී දැක්කෙ නැද්ද අන්න උඹට මඩ ගහනව".. 
ඒ ආපු හැම මැසේජ් එකටම මම කිව්ව එක වචනයක් තමයි
 "මට හෙන ආතල් බං" 
කතා කරපු හුඟක් අය කතා කළේ බොක්කෙන්.. මට ආදරේට. උන්ට මට වැඩිය රිදිල. 
ඒ ඔක්කොටම ආදරෙයි.. 
ඒත් අපිට දැන් ඒ විදිහට රිද්දන්න පුලුවන් ලෙවල් එක පැනල..ඉස්සර නම් සෑහෙන කලබල වෙනව.. දෑන් එහෙම බෑ..අපි ඉන්නෙ ඊට වඩා වගකීමක් ඇති වෙලාවක.
 
සහෝදරවරුනි,
😪 එක වේලක් කාල ජීවත්වෙන මිනිස්සු දැක්කම රිදෙන තරම් ඔය මොකකින්වත් අපට රිදෙන්නෙ නෑ..
😪 පැය ගණන් බේත් පොලිම්වල ඉන්න මිනිස්සු දැක්කම රිදෙන තරම් අපිට වෙන මොකකින්වත් රිදෙන්නෑ.. 
😪 අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති තරුණයො දැක්කම රිදෙන තරම් වෙන මොකකින්වත් රිදෙන්නෑ.. 
😪 දරුවට පාසල් පොත්ටික අරන් දෙන්න බැරිව හූල්ලන අම්ම කෙනෙක් දැක්කම රිදෙන තරම් වෙන මොකකින්වත් රිදෙන්නෑ...
 
ඒ නිසා අපිට ඇත්තට රිදෙන ඒව එක්ක අපට ගහන මඩ අවලාද ඒ රිදෙන සීමාවෙ කිට්ටුවකවත් නෑ..
කවුද අපිට රිද්දන්න හදන්නෙ
😆එක්කො සජිත් ජනාධිපති කරන්න හීන දකින එකෙක්
😆එක්කො රනිල් ආපහු ජනාධිපති කරන්න හීන දකින එකෙක්
😆එක්කො චම්පික ජනාධිපති කරන්න හීන දකින එකෙක්
😆එක්කො මංජු නිශ්ශංක ජනාධිපති කරන්න පඩි අරන් ලියන එකෙක්
😆එක්කො තාම රාජපක්ෂ ගුබ්බෑයමේ ලගින එකෙක්
😆එක්කො මම හෙන අවුල් කියල වෙන එකෙක් කියපු එකක් අනුව තීන්දු ගන්න එකෙක්
😆එක්කො අපි එක්ක කලා සාහිත්‍ය බිමේ ඇරියස් තියන එකෙක් (එක එකාගෙ දායක සභාවල) 
😆එක්කො මම ගැන මෙලෝ දෙයක් නොදන්න ඒත් වෙන එකෙක් බණින නිසා රැල්ලට බණින එකෙක්.
😆 එක්කො අපි මතු කරන අදහස ගැන අන්දෝ සංසාරයක් නොතේරෙන එකෙක්.
 
ඉතින් දැන් මම උන්ගෙ මඩ අවලාද වලට රිද්දගන්න ඕන ද සහෝදරවරුනි ?
 
අපි ඒ මඩ සහ අවලාද ලැබෙන බව දැනගෙන තමයි වැඩ කරන්නෙ.තව ඉස්සරහට වැඩි වෙයි..
 
ඒත් අපි කරන දේශපාලනය දුර්මුඛ කරන්නවත් අපි දරන සමාජ සංස්කෘතික මතවාද නිහඬ කරන්නවත් ඒ කිසි දේකට බෑ.
ඒ කොහොම වෙතත් සොයා බැලූ සියලු සහෝදරයන්ට සහ සහෝදරියන්ට ස්තුතියි 🙏🏼
 
රවී සිරිවර්ධන"
 
ඒ රවී සිරිවර්ධනගේ පිළිතුරයි.
Back to top
Go to bottom

Popular News