lan englan tam

පුවත්

නැකතට කිරිබතක් හැදීම වෙනුවට කිරි ගසක් හිටවන්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දමිත් අසංක යනු ලාංකේය ගීත කලාවේ ජනප්‍රිය ගායකයෙකු පමණක් නොව සිය වෙනස් අදහස් සමාජය සමග බෙදාගන්නා ගායකයෙකුද වේ.

අවුරුදු නැකත් ගැන ඔහුගේ අදහස දමිත් වෙනස්ම ආකාරයකින් මෙසේ ප්‍රකාශ කර ඇත.

නැකතට පොල් ගසක් හිටවන්න සිහිය නැති ඔබ කඩේකින් පොල් ගෙඩියක් ගෙනත් කිරිබතක් උයා දුප්පත් කම වපුරුනවා. චාරිත්‍ර වලට රැවටිලා නැකතක අඩුපාඩු හොය හොයා නිකන් කාලය නාස්ති කරගන්නවා. මේ නැකට කිරි බතක් වෙනුවට කිරි ගසක් හිටවන්න. එක දරුවෙකුට එක පොල් පැළය ගානෙම ගෙනත් දෙන්න අඩියක වලක් කපා හිටවන්න. පොල් පැළයක්‌ හොයාගන්න බැරි ඔබ මා විස්වාස කර ලෙලි ගසා ඇති පොල් ගෙඩියක් හරි හොඳට දිය දමා පස් දමා පසට උඩින් අඟලක් පමණ පස් දමා හිටවන්න. සත්තයි මුළු ගෙදරම එකමුතු කම නිර්මාණය වී ඔබට නිසැකවම කිරි උතුරනවා ❤️❤️❤️🙏

Back to top
Go to bottom

Popular News