lan englan tam

පුවත්

බඩේ සමනල්ලු පියාඹන Premalu

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මම හැමදාම කියනවා වගේ මලයාලම් ෆිල්ම් අපිව කොනිත්තන්නේ ඒ ප්ලොට් අස්සේ අපිව recreate වෙන නිසා.

 ජිවිතේ කිසිම දේකට stable වෙලා නොහිටපු සචින්ට රීනු පිස්සුවෙන් වගේ කැමති වෙන්නේ සචින්ව බලාගද්දි රීනුට දැනුන සතුටට.. මුළු ෆිල්ම් එකේම සරල කතාව ඔච්චරයි.

ඉන්දීය රුපියල් කෝටි 130ත් පන්නලා ආදයම් ලබලා, මේ වෙද්දී සෑහෙන වේගයකින් ජනප්රිය වෙන Premalu ෆිල්ම් එකේ Story එකේ ඇත්තටම ලොකු දෙයක් නෑ..
කොටින්ම 96, Premam බලනවා වගේ හැඟීමකින් මේක බලලා තේරුමකුත් නෑ. හැබැයි, Premalu පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙනකන්ම වෙනම විදිහක හැඟීමකින් අපිව අල්ලගන්නවා වගේ එකක් තියෙනවා.
සරලවම Premalu එකේ ඇක්ටින් නෙක්ස්ට් ලෙවල්. Naslen (සචින්) ගේ ඇක්ටින් ගැන හැමදාම තිබුන රේටින් එක ඒ විදිහටම එලියට ඇවිත් තිබුනා. මාව ෆිල්ම් එකට ඇදලා තියාගන්න ලොකුම හේතුව මමිතා ඒ කියන්නේ රීනු (Cute විසිවෙනවා 🌚). රීනුගේ ඇක්ටින්, ඒ වයිබ් එක ෆිල්ම් එක පුරාම කට ඇරන් බලන් ඉන්න හේතුවක් උනා, ඒ වගේම රීනුගේ කැරැක්ටර් එක පුරාම බිල්ඩ් වෙන වගකීම් සහගත අනාගත සහකාරය හොයන ප්ලෑන් එක එක හැඟීමකින් වැහිලා යන එක ආදරේ කියලා අපි මේ වෙද්දි හොයන investment ප්ලෑන් එක කුඩු කරලා දාන ප්ලොට් එකක්.
ඔය සරල කතාවට ෆුල් සපෝර්ට් එක දෙනවා Supportive actors ලා. සචින් ගේ යාළුවා Amal Devis (Sangeeth), Karthika, Mathew Thomas, Villain වගේ ඉන්න ජෝකර් Shyam Mohan සියළු දෙනාම කැරක්ටර් ෆිල් එක ලස්සනටම කරනවා. ඒ නිසා මෙතන අඩුයි කියලා කියන්න දෙයක් නැති තරම්.
ඊළඟ කාරණය Music.. සිංදු පහක් එක්ක දුවන ෆිල්ම් එකක් උනාට මේ ෆිල්ම් එකේ මුල ඉඳලා අග වෙනකන්ම දීලා තියෙන treatment එකෙන් අරන සිංදු පහටම වඩා ෆිල්ම් එකේ මියුසික් පාව්ච්ච් කරලා තියෙන එක හයිලයිට් වෙනවා. බඩේ සමනල්ලු පියාඹන එක වැඩි වෙන්නේ ඒකෙන්. මියුසික් වැඩෙත් ඇත්තටම නෙක්ස්ට් ලෙවල්.
එක පැත්තකින් ගෙදර ප්රශ්නයි, අනාගතය ගැන තියෙන අවිනිශ්චිතතාවයි, කරන කිසි දෙයක් හරි යන්නේ නැති සචිනුයි උගේ ආදරෙයි.
අනිත් පැත්තෙන් තරමක් stable උන, පවුලේ ආදරෙත් නොඅඩුව තියෙන, අනාගතය වෙනුවෙන් mature investment එකක් හොයපු රීනුයි.
ඔය දෙපැත්ත මැච් කරපු හැඟීමුයි, මේ වැඩේ ලස්සන වෙන්නයි බඩේ සමනල්ලු පියාඹන්නයි ලොකුම හේතුව වෙන්න ඕනේ..
වැඩේ ලස්සනයි... අනිවාරෙන් බලන්න ඕනේ ලිස්ට් එකේ දාගන්න වටිනවා.
ආ... තව පොඩ්ඩෙන් අමතක වෙනවා Kalyani Priyasarshan ගේ cute acting වලට තරඟයක් ඇවිල්ලා තියෙනවා ඔන්න.
ඒත් තාමත් Kalyani 1, Mamitha 2 🌚
 
ශාෂින්ක විදුසර
Back to top
Go to bottom

Popular News