lan englan tam

පුවත්

දමිතා යළි රිමාන්ඩ්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පිනී දමිතා අබේරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැක්වූ කරුණු අනුව ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (17) නියෝග ලැබිණි.

දමිතා තමන් අත් අඩංගුවට ගැනීමේදී මීට පෙර පැවසුවේ තමන් කිසිසේත්ම නීතියෙන් සැඟව නොසිටි බවත් දමිතා අබේරත්න යනු සැඟවී සිටිය හැකි තැනැත්තියක් නොවන බවත්ය. ඒ අනුව තමන් සිරගතව සිටිමින් අවුරුදු සැමරීමට අපේක්ෂා කරන බවද ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාය.
විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ විමර්ශනයකට අදාළව දමිතා බන්ධනාගාරගත කර තිබේ.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතුව නම් මං හැංගුණා කියලා කිසිසේත්ම නෑ. එහෙම හැංගෙන්න පුළුවන් චරිතයක් නෙවෙයි දමිත අබේරත්න කියන්නේ. දමිතා අබේරත්න කියන්නේ හැට නවලක්ෂයක් ඡන්දේ ගත්ත කාලකණ්නි ආණ්ඩු ක්‍රමයට විරුද්ධව අරගල කරපු ගැහැනියක්. එතනදී බය වුණෙත් නෑ, මරනවා කියනකොට බය වුණෙත් නෑ. අපි අපේ බිස්නස්වලට පුද්ගලික වැඩවලට පිටරට ගියේ. මම හිරගෙදර යන්න බය නෑ. හිරගෙදර තියෙන්නේ මිනිස්සුන්ට. සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. මමත් අවුරුදු සමරනවා හිරගෙදර ඉඳන්." යනුවෙන් දමිතා ප්‍රකාශ කළාය.
විදෙස් රැකියා ලබා දෙන බව පවසා මූල්‍ය වංචාවකට සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා සහ ඇගේ සැමියාට එරෙහිව ලැබී තිබූ පැමිණිලිවලට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ඊයේ (03) දමිතා අබේරත්න රංගන ශිල්පිනියට සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර දමිතා අධිකරණයට ඉදිරිපත් වීමට පෙර මාධ්‍ය ඉදිරියේ මේ බව ප්‍රකාශ කළාය.
කෙසේනමුත්, දමිතාගේ රසික රසිකාවියන්ට සහ ඇගේ මිතුරු මිතුරියන්ට මෙම සිදුවීම කණගාටුදායක ආරංචියක් වනු ඇත.

Back to top
Go to bottom

Popular News