මේ වනවිට අපේ රටේ රූපවාහිනී නාළිකා අතර චිත්රපට පෙන්වීම කැප වූ නාළිකා 13 ක් තියෙනවා.












මේ ඔක්කොම චැනල් ටික එකතු වෙලා සතියකට චිත්රපට 80 ත් 90 ත් අතර ප්රමාණයක් අපට පෙන්වනවා.
සතියේ දිනවල දවල් කාලයේ නාළිකා අටක විතර අපට චිත්රපට දකින්නට පුළුවන්.
සති අන්තයේ ඇතැම් නාළිකා චිත්රපට දෙක තුනකට ඉඩ වෙන් කරනවා.












ඒ අතර හින්දි චිත්රපට ද කිහිපයක් තියෙනවා.
නමුත් බහුතර චිත්රපට දෙමළ හෝ ඉංග්රීසි ඒවායි.
සමහර දෙමළ චිත්රපට අපට එපා වෙන තරමට චැනල් වලින් පට්ට ගහනවා.
එකම දෙමළ චිත්රපටය එක් මාසයක් තුල චැනල් දෙක තුනක පෙන්වන අවස්ථාත් තියෙනවා.
ලාංකීය රූපවාහිනී නාළිකා මේ විදිහට එකම චිත්රපට තැටිය කරකවන්නේ ඇයි.... ??












අද වනවිට අපේ රටේ මලයාලම් සිනමාව සම්බන්ධ අවධානය විශාල වශයෙන් වැඩි වී තියෙනවා.
Google, Youtube වගේම සිනමාව හා සම්බන්ධ Facebook Groups එම සිනමාවන් ජනගත කරන්නට ප්රබල දායකත්වයක් දුන්බව කිව යුතුයි.
මේ වනවිට මලයාලම් සිනමාවේ නළුවන් ගැනද යම් හදුනාගැනීමක් රූපවාහිනී ප්රේක්ෂකයා සතුයි.
කොහොමත් සිනමාව ගැන ලොකු අවබෝධයක් නැති ප්රේක්ෂකයා දෙමළ film බලන්නෙත් නළු නිළියන්ගෙ නම් දැනගෙන නෙවෙයිනෙ.
ඇත්තටම තාමත් සමහරු මලයාලම් චිත්රපට බලන්නෙත් දෙමළ කියලා හිතන්.
එයාලට වැදගත් චිත්රපටයෙන් අවශ්ය වින්දනය හා යටින් sub දානවද කියන එක විතරයි.
භාෂාව දෙමළ ද මලයාලම් ද තෙළිඟු ද කියන කාරණය නෙවෙයි.
අනෙක් අතට මලයාලම් ජන ජීවිතය, දේශපාලනික හා සමාජ ප්රශ්න අපිට බොහොම සමීපයි.
ඔවුන්ගේ content තුළ මෙරට රූපවාහිනී ප්රේක්ෂකයාව ග්රහණය කරගත හැකි රස බොහොමයි.



මලයාලම් චිත්රපට ලාංකීය ටෙලිවිෂනයට අකැපද.... ??
තිසරු රන්දීර සංවාදයට විවෘත කරමින් සොඳුරු මලයාලම් සිනමාව සහ අසිරිමත් කේරළය සමූහයට කළ ලිපියකි.