lan englan tam

පුවත්

කාන්තාවක් හැදූ ලංකාවේ තොරණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

භද්‍රඝට ජාතකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් නිර්මාණය කළ කාන්තාවක් පිළිබඳව ගොඩකවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඇය වී. ජනනි අලුදෙනියයි. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෟෂ්‍ය කලාවේදී (විශේෂ) උපාධිධාරිනියක් වන ඇය දැනට චිත්‍ර ගුරුවරියක් වශයෙන් පල්ලේබැද්ද මහා විද්‍යාලයේ සේවය කරන්නීය.
කුඩා කාලයේ සිටම චිත්‍ර කලාවට හපන්කම් දැක්වූ ඇය 2018 රාජ්‍ය සම්මාන උළෙලේදී මුද්‍රණ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන තිබේ. ඒ වගේම චිත්‍ර ප්‍රදර්ශන විශාල සංඛ්‍යාවකට චිත්‍ර ඉදිරිපත් කර ඇති බවත් වාර්තා විය.
ජනනි එක් දරු මවක්. බොහෝ රාජකාරී මධ්‍යයේ මාසයක් වැනි කෙටි කාලයකින් මෙම තොරණ සිතුව්ම් කරන්න ඇයට පුළුවන් වී තිබේ.

ශ්‍රී ලංකා නිව්ස් ඇසුරෙනි.

Back to top
Go to bottom

Popular News