lan englan tam

පුවත්

ලංකාවේ පළමු වෙසක් තොරණේ ඉතිහාසය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ලංකාවේ මුල් ම වෙසක් තොරණ ඉදිවන්නේ 1955 දී. ඒ තොටළඟ. උසින් අඩි 85 ක් පමණ වූ මේ තොරණ නිර්මාපකයා නාගලගම් වීදියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ විල්බට් සිඤ්ඤෝ හෙවත් විල්බට් පෙරේරා යි.
තොරණට තේමාව වූයේ මහා භද්‍රකල්ප පුවත යි. වයස අවු.12 ක් පමණ වන කොල්වින් පීරිස් ඇතුළු කොලු ගැටවුන් පිරිසකගේ කුඩා කුඩා සිතුවම් තොරණක් දැකීමෙනු යි විල්බට් මහාත්මාට තොටළඟ තොරණ කිරීමට සිත් පහළ වී තිබෙන්නේ. තොටළඟ තොරණ ඉදිවන්නේ කොල්වින්ගේ උදව්වෙන්. විදුලි බුබුළු 25000 කි න් අලංකාර වූ මෙම තොරණට රු.7500/- ක් එකල වැය වී තිබෙනවා. මුළු රටට ම විදුලිය නැති කුප්පි ලාම්පු එළියට හුරු ඒ කාලේ ජෙනරේටර්වලින් තමයි විදුලිය සපයාගෙන තිබෙන්නේ. තොරණට පුවක් ගස් සපයාගෙන තිබෙන්නේ යටියන්තොට හා රුවන්වැල්ල ප්‍රදේශවලින් තොටළඟ දක්වා කැළණි ගඟ ප්‍රවාහන මාධ්‍ය කරගෙන. එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහාත්මයා තමයි තොරණ විවෘත කරලා තියෙන්නේ. ගුවනින් මල් පවා ඉස තිබෙනවා. දින ගණනාවක් ප්‍රදර්ශනය කෙරුණු මෙම විශ්මිත තොරණ නරඹන්නට ලක්දිව පුරා ජනයා තොටළඟට ඇවිත් තිබෙනවා. එසේ පැමිණි පිරිස අතර සිටි ජපන් ජාතිකයන් පිරිසකගේ ඉල්ලීම මත මුළු තොරණ ම නැවත ජපන් රටෙත් ප්‍රදර්ශනයට රැගෙන ගිහිල්ලා තිබෙනවා. නැවත ජපානයෙන් එහි දී තොරණ ප්‍රදර්ශනයට භාවිත කළ විදුලි බුබුළු ඇතුළු උපකරණ තෑගි කොට තිබෙනවා.
 
පංචන ජයසිංහ 
 
Back to top
Go to bottom

Popular News