lan englan tam

පුවත්

Films හදනවට වඩා පොප්කෝන් හදන එක ලාබද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමාවේදීන් ෆේස්බුක් සමූහයේ සාමාජිකයකු විසින් කොළඹ සිනමා ශාලාවක පොප්කෝන් මිල ඉහළද යන්න පිළිබඳව සටහනක් තබමින් විමසීමක් කර තිබිණි.

එහිදී එම සාමාජිකයා අදාළ සිනමා ශාලාව වෙත ගොස් තිබුණේ මේ දිනවල ජනප්‍රිය 'විසල් ආදරේ' චිත්‍රපටය නැරඹීමට වන අතර එහිදී අයෙකු රුපියල් 1000ට ඇසූ 'පොප්කෝන්' කෝප්පයේ මිල රුපියල් 1600ක් වීම පිළිබඳව සිදුවීමක් ඔහු එහි සඳහන් කර තිබිණි.
ලියුම්කරුගේ විමසීමට බොහෝ දෙනෙකු සමූහය තුළ 'මිල ගණන් වැඩි' බවට ප්‍රතිචාර දක්වා තිබූ අතර ඇතැමෙකු සඳහන් කර තිබුණේ 'ෆිල්ම්ස් හදනවට වඩා පොප්කෝන් හදන එක ලාබයි' යනුවෙනි.
ප්‍රේක්ෂකයින් පිනවන සිනමා කලාවක් වෙනුවෙන් අප සැම විටම පෙනී සිටින නමුත්, මෙම සංවාදය ඉතා වටිනා එකක් බව එම සමූහයේ අදහස්වලින් පෙනෙන්නට තිබිණි. මුල් සටහන මෙහි පළ නොකරන්නේ සිනමා ශාලාව සම්බන්ධයෙන් ගැටලුවක් මෙහි සඳහන් නොවීම හේතුවෙනි.

Back to top
Go to bottom

Popular News