lan englan tam

පුවත්

අඩසියවසක් දෑස් එකළු කළ රංග පෞරුෂය රවීන්ද්‍ර රන්දෙණිය උපන්දින උපහාර උළෙල හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික සිනමා කලාවට අගනා මෙහෙවරක් කරමින් සිනමාත්මක මතක රැසක් ගෙනා රසිකයා අතරට ගෙනා ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ සිනමා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උපහාර උඑළෙල 'රවී අඩසියවසක ආත්මභාෂණය' ඔහුගේ උපන්දින යෙදී ඇති හෙට (05) දිනයේදී ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයින්, මිතුරන්, ක්ෂේත්‍රයේ රසිකයින් පිරිවරා පැවැත්වීමට නියමිතය.

වයස අවුරුදු 79 සපුරන මෙම රංගවේදියා සමග සිනමාවේ ස්වර්ණමය යුගයක් වෙනුවෙන් සම්බන්ධ වූ ඔහුගේ යුගයේ සහ නව පරපුරේ කලාකරුවන් රැසක් ඒ අනුව සවස 06ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන එම ප්‍රාසාංගික සැඳෑවට සහභාගි වීමට නියමිතය.
ස්වර්ණා මල්ලවාරච්චි, මාලිනී ෆොන්සේකා, සාරංග දිසාසේකර මෙහිදී රවීන්ද්‍ර රන්දෙණිය රංග පෞරුෂය ගැන විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදු කිරීමට නියමිතය.
රවීන්ද්‍ර රනිදෙණිය සිනමා ජීවිතය ගැන වාර්තා වැඩසටහනක්ද එහිදී එළිදැක්වීමට නියමිත අතර ඔහුට උපහාර පිණිස ගාමිණී වේරගම සිංහලෙන් සහ උදිත දේවප්‍රිය ඉංග්‍රීසියෙන් රචනා කළ සටහන් පුස්තකයක් එළිදැක්වීමටද කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලාංකේය සිනමා ලෝකය අඩ සියවසක් ඒකාලෝක කළ රවීන්ද්‍ර රන්දෙණිය නම් රංගවේදියාට, සිනමා තාරකාවට 'මිරර් ආට්ස්' සුභාශිංසන හෙට දිනය වෙනුවෙන් අපි මෙසේ පළ කරමු.

වීඩියෝ මූලාශ්‍ර : Lanka Glits

Back to top
Go to bottom

Popular News