lan englan tam

පුවත්

අලුත් අධ්‍යක්ෂ ආකාශ්ගේ අලුත් චිත්‍රපටය Color Pencil

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ආකාශ් තාරුක පෙරේරාගේ පළමු වෘතාන්ත සිනමාපටය වන Color Pencil චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන සහ ගීත නිර්මාණ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

ඒ අනුව 2024 වර්ෂයේ මැද භාගයේදී චිත්‍රපටයේ රූගතකිරීම් සිදු කිරීමට සියල්ල සූදානම් වෙමින් තිබේ.
කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය, සහාය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී. මඩවල, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, සංස්කරණයෙන් අජිත් රාමනායක, ශබ්ද සැලසුම්කරණයෙන් සසික රුවන් මාරසිංහ, වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ලක්මාල් ජයකොඩි, ගී තනු නිර්මාණයෙන් නිමේෂ් කුලසිංහ, රංග වස්ත්‍ර අධ්‍යක්ෂණයෙන් සංක අභයසිංහ, කේෂාලංකරණයෙන් හරූන් ෂයිඩීන්, නර්තන අධ්‍යක්ෂණයෙන් කවිඳු මධුෂාන්, නිෂ්පාදන කළමණාකරණයෙන් යසිත් පියසිංහ, දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණයෙන් කසුන් සංජය, නිශ්චල ඡායාරූපකරණයෙන් කල්ප මේනක පීරිස්, මාධ්‍ය සම්බන්ධීකරණයෙන් අනූෂා රණසිංහ සහ මමිතා අබේසිංහ, ප්‍රවර්ධන සහ ප්‍රචාරණ කටයුතු නිර්මාණ අධ්‍යක්ෂණයෙන් මොවිඳු ෆොන්සේකා, සමාජ මාධ්‍ය කටයුතු සැලසුම්කරණයෙන් සචිර ගිම්හාන සහ දිනිත ජයරත්න වැනි සිනමා ඇතුළු කලා ක්ෂේත්‍ර ගණනාවකම සිය දස්කම් ප්‍රකට කළ ප්‍රවීණ සහ නවක ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයේ නිර්මාණ කටයුතු වෙනුවෙන් දායක වේ.
ගීත ගායනයෙන් විශාරද උරේෂා රවිහාරී, විශාරද තනුර මධුගීත් දිසානායක, හිරුෂි ජයසේන මෙන්ම රවීන් තාරුක එක්වන අතර, ගීත රචනයෙන් යමුනා මාලනී පෙරේරා, ශෙහාන් ගලහිටියාව සහ අසංක රුවන් සාගර දායකත්වය ලබා දී ඇත.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ශලනි තාරකා විසින් නිරූපණය කරනු ලබන අතර මේඝ සූරියආරච්චි, සේමිණී ඉද්දමල්ගොඩ, ප්‍රීති රන්දෙණිය, අවන්ති අපෝන්සු, සචින් චතුරංග, ආශා එදිරිසිංහ, සිනෙති අකිලා, නයනා හෙට්ටිආරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, කුමාර ජයකාන්ත, මයික් ඇන්තනී ප්‍රනාන්දු, මනෝහාරී විමලතුංග, දයාන් විතාරණ, දම්මිත් ෆොන්සේකා, තිලකා රණසිංහ, බුද්ධි රන්දෙණිය, සුදත් ඇන්තනී, ශිරෝමිකා ප්‍රනාන්දු, කැලුම් ශ්‍රී, සංජානා ගමාරච්චි, හරිඳු රංගජිත්, නිර්ධා උයන්හේවා, ලංකා රාජිනී ගුණසේකර, ප්‍රියා ප්‍රනාන්දු අත්තනායක, නිරංජලා මංජරී, කිරාන් ජී. සොයිසා, ජයරත්න ගලගෙදර, ආලෝකා ධනංජනී, ත්‍රිෂාලා අබේරත්න, සාරත බණ්ඩාරද රංගන දායකත්වය සපයයි.
අභිෂේක් ප්‍රමුදිත ප්‍රධාන නළු හැටියට අලුතින් සිනමාවට එක් වන අතර කැලුම් දේවනාරායන, නිසල් සත්සර, හර්ෂ ප්‍රභාත්, පසන් වීරසේකර, නවිඳි රැපියෙල්, දෙනුවන් ශ්‍රී බණ්ඩාර, අගසි දෙව්නි, නුවන් සම්පත්, චේතිය වීරකෝන්, තනූජ කාවින්ද, උෂාන් බණ්ඩාර, උදාම මධුවන්ත, තාරක සඳරුවන් යන අයගේද පළමු චිත්‍රපටය වේ.
මාධ්‍ය ක්ෂේත්‍රයේ ද ප්‍රවීණ සහ නව පරපුරේ ජනප්‍රිය ශිල්පීන් වන රේණුකා බාලසූරිය, කැලුම් විජේසූරිය, දිනූෂා රාජපතිරණ, ගයනි අබේවර්ධන, පැතුම් වික්‍රමසිංහ, විදුරංග සිරිමාන්න, කවී වික්‍රමසිංහ වැනි පිරිසක්ද මෙහි ආරාධිත රංගනයෙන් දායක වේ.
Color Pencil චිත්‍රපටය එළඹෙන වසර ආරම්භයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ප්‍රමුඛ විදේශයන් රැසකද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News