lan englan tam

පුවත්

ලාංකේය සිනමාවේ ‘මාස්ටර් සර්’ට හිමි තැන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ජ්යෙෂ්ඨ රංගන ශිල්පී රවීන්ද්ර රන්දෙනියගේ අඩ සියවසක රංග කාර්යය අගැයීම නිමිත්තෙන් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැති උත්සවයෙදී ‘මාස්ටර් සර්’ මැයෙන් අගනා කෘතියක් එළිදුටුවේය.

 ‘මාස්ටර් සර්’ රවීන්ද්ර රන්දේනියගේ චරිතාපදානයක් ලෙස හදුන්වා දී තිබුණද මෙය හුදු චරිතාපදාන ස්වභාවයෙන් ඔබ්බට ගිය සිනමා රංගනය පිළිබඳ ඉතා පුළුල් පාරාසයක් දක්වා විහිදී පැතිරී ගිය ඔහුගේ අත්දැකීම් හෙලිකරන අපූර්ව කෘතියකි.

මෙම කෘතියෙහි කතුවරයා ප්රවීණ විචාරක ගාමිණී වේරගම වීමද විශේෂත්වයකි. විචාරකයකු වශයෙන් ඔහුගේ මේ මැදිහත්වීම නිසාම මෙය හුදෙක් පුද්ගලික තොරතුරු සහ අත්දෑකීම් පමණක් හෙළි කරන කෘතියක් වීම වැලකීමට හේතු වන්නට ඇතැයි කල්පනා කරමි. ගාමිණි මෙම කෘතියෙහි ලා රවීන්ද්රගේ පුද්ගලික තොරතුරු වෙනුවෙන් ඉඩ තබන්නේ ‘මා බාල කාලෙ’ යනුවෙන් ඔහුගේ බාල කාලය සහ ‘ ඔබේ සිනා කඳුළු බිඳක්’ මැයෙන් ඔහුගෙ කුටුම්බයේ තතු හෙළි කරන පිටු කිහිපයක් පමණී.
‘මේ අහල්ලා අහල්ලා මගේ තාලේ ‘ යන මාතෘකාව ඔස්සේ දිගහැරෙන රවීන්ද්රගේ ආත්ම කථනය තුළ සිනමාව සහ රංගනය සම්බන්ධයෙන් ඔහුගේ හැදෑරීම්ද, ඒ සම්බන්ධයෙන් ඔහු සතු න්යායාත්මක දැනීමද හෙළි කරයි. එහිදී ඔහු නිරූපනය කළ චරිතවල ස්වභාවය, එක් එක් චරිතවල මනෝභාවයන්. චරිත නිරූපණයෙහිලා ඔහුගේ ප්රවේශයන්, චරිත නිරුපණයෙහිලා ඔහු මෙහෙය වූ එක් එක් අධ්යක්ෂවරුන්ගේ අනන්යතා ලක්ෂණ, ඔවුන්ගේ ශිල්පීය විධික්රම, පිළිබදව කරන දීර්ඝ ආවර්ජනය සිනමා රංගනයට පිවිසෙන නවක නළු නිළි යන්ට පමණක් නොව අධ්යක්ෂවරුන්ටද බෙහෙවින් ඵලදායි වනු නිසැකය. එසේම මෙය අනාගතයේදී එළි දකින්නට නියමිත සිනමා රංගන ශිල්පින්ගේ චරිතාපදාන රචනයේදී , පාඨකයාට වඩා වැදගත් වන්නේ රංගන ශිල්පියාගේ පුද්ගලික ජීවන තොරතුරුද නොඑසේනම් ඔහුගේ අත්දැකීම ක්ෂේත්රයද යන්න පිළිබඳව වැදගත් පූර්වාදර්ශයක් සපයයි.
 
සිනමාවේදී ගුණසිරි සිල්වා
Back to top
Go to bottom

Popular News